ඇමති විජිතගෙනුත් පාකිස්ථාන රජයට තුති

ශ්‍රී ලංකාවේ ඉල්ලීම ධනාත්මකව සලකා බැලීම සම්බන්ධයෙන් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ්ට සහ පාකිස්ථාන රජයට සිය ස්තූතිය පිරිනමන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම සමඟ තරග වැදීමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට අවසර ලබාදීම සම්බන්ධයෙන් මෙලෙස විදේශ කටයුතු අමාත්‍යවරයා සිය ස්තූතිය පිරිනමා තිබෙනවා.

සිය නිල ‘එක්ස්’ ගිණුමේ සටහනක් තබමින් විජිත හේරත් අමාත්‍යවරයා මේ බව පවසනවා.

ක්‍රීඩාශීලීත්වය සහ මිත්‍රත්වය ද්විපාර්ශ්වික සබඳතාවල ශක්තිය පිළිබිඹු කරන අංගයක් බවයි අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර ඉන්දියාව සහ පාකිස්ථානය අතර මෙම ක්‍රිකට් තරගය සැළකෙන්න ලොව මිල අධිකම ක්‍රිකට් තරගය ලෙසටයි.

විදෙස් වාර්තා සඳහන් කරන ආකාරයට එම මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 4,000 කට වඩා වැඩියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කන්නවත් මුන් හරියට දෙන්නේ නෑ..දවල් හදපු කෑම රෑට දෙන්නේ මුන්..නවත්තන බස්වලටත් දඩයක් ගහන්න ඕනි
01:26
Video thumbnail
විපක්ෂයේ සෙට් එක පාරට බැහැලා මොරටුවම දෙවනත් කරයි..ගේම් එපා..වැඩ බැරිනම් ගෙදර යන්න
03:03
Video thumbnail
කාලගුණයේ නොසිතූ වෙනසක්..බොහෝ ප්‍රදේශවලට තද වැසි
03:47
Video thumbnail
🔴Breaking News
01:05
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය ගැන GMOA එකෙන් කිව්ව සැර කතාව..සාකච්ඡා ඇලජික් වෙච්ච රජයක් මේක
13:37
Video thumbnail
මුන්ට හැමදාම ඉල්ලීම් ඉල්ලීම්..හෙ#ම ගහපියව් තොපිට..මේ ඔක්කෝටම ලෙඩ්ඩුද පලි
04:35
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
01:10
Video thumbnail
විපක්ෂය ඒකාබද්ධ වුණාට ජනතාව විපක්ෂය එක්ක ඒකාබද්ධ වෙලා නෑ..විපක්ෂ නායකගේ තර්කය සාධාරණ නෑ
03:42
Video thumbnail
දරුණුම නියඟෙට වුණත් අපි සූදානම් වෙලා තියෙන්නේ..රටපුරා ප්‍රදේශවල ජල ගැටලුවක් ඇතිවෙලා
03:31
Video thumbnail
මුන්ට හෙ# ගහනවා..වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
02:46