ඇප මුදල් බැන්දට ජනපතිගේ වගකීම් තාම බලාත්මකයි – මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක් (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන බවට දැනුම්දෙමින්, සිය පෞද්ගලික නීතිඥවරුන් මාර්ගයෙන් ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කළ ද, හෙතෙම කිසිදු අයුරකින් ජනපති ධුරයක වගකීම්වලින් නිදහස් වී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ දී අද (30) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ; ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම සැකසීමේ පූර්ණ විධායක බලය ජනාධිපතිවරයා සතුවන බවයි.

සමන් ශ්‍රී රත්නායක මහතා මෙලෙස සඳහන් කළේ හිස් ව ඇති පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

කඩිනමින් පොලිස්පති ධුරයට සුදුස්සෙකු පත් කිරීම මේ මොහොතේ ජනාධිපතිවරයා සතු ප්‍රමුඛතම වගකීමක් බවත්; ඊට බලපෑම් කිරීම හෝ ලිපි ලිවීම අනවශ්‍ය බවත් මැතිවරණ කොමසාරි ජනරාල්වරයා සඳහන් කළා.

එම බලය ව්‍යවස්ථාවෙන් ම ජනාධිපතිවරයා හට පැවරී ඇති රාජකාරියක් බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.

කෙසේවෙතත් පොලිස්පති ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් දෙන ලෙසට දැනුම්දෙමින් ජනපතිට ලිඛිත ව දැනුම්දීමක් සිදු කිරීමට ද සිය කොමිසම බලාපොරොත්තුවෙන් සිටින බව ද සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියා.

මෙම සාකච්ඡාව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස් වූ පළමු අවස්ථාව ද වන අතර එහිදී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් අවුරුද්දේ පළවෙනිදාම කොටුවුණු තහනම් මල් වගාව
00:45
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48
Video thumbnail
සජිත් Team Work දන්න කෙනෙක් නෙවෙයි..මම හිතන්නේ නෑ සජිත් එකතුවෙයි කියලා..
03:45
Video thumbnail
මේක කැරකිලා ඇවිත් පොත අච්චු ග#පු මනුස්සයාට හිරේ යන්න වෙයි..අපි කවදාවත් ළමයින්ට මෙහෙම කළේ නෑ
02:09


?