ඇප මුදල් බැන්දට ජනපතිගේ වගකීම් තාම බලාත්මකයි – මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක් (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන බවට දැනුම්දෙමින්, සිය පෞද්ගලික නීතිඥවරුන් මාර්ගයෙන් ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කළ ද, හෙතෙම කිසිදු අයුරකින් ජනපති ධුරයක වගකීම්වලින් නිදහස් වී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ දී අද (30) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ; ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම සැකසීමේ පූර්ණ විධායක බලය ජනාධිපතිවරයා සතුවන බවයි.

සමන් ශ්‍රී රත්නායක මහතා මෙලෙස සඳහන් කළේ හිස් ව ඇති පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

කඩිනමින් පොලිස්පති ධුරයට සුදුස්සෙකු පත් කිරීම මේ මොහොතේ ජනාධිපතිවරයා සතු ප්‍රමුඛතම වගකීමක් බවත්; ඊට බලපෑම් කිරීම හෝ ලිපි ලිවීම අනවශ්‍ය බවත් මැතිවරණ කොමසාරි ජනරාල්වරයා සඳහන් කළා.

එම බලය ව්‍යවස්ථාවෙන් ම ජනාධිපතිවරයා හට පැවරී ඇති රාජකාරියක් බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.

කෙසේවෙතත් පොලිස්පති ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් දෙන ලෙසට දැනුම්දෙමින් ජනපතිට ලිඛිත ව දැනුම්දීමක් සිදු කිරීමට ද සිය කොමිසම බලාපොරොත්තුවෙන් සිටින බව ද සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියා.

මෙම සාකච්ඡාව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස් වූ පළමු අවස්ථාව ද වන අතර එහිදී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13