AFC Banner
Empty Ad
Empty Ad

‘ඇපලෝ’ පහසුකම් ඉල්ලන්න ක්ෂණික දූරකථන අංකයක්

ඉන්දියාවේ ‘ඇපලෝ’ රෝහල් සමූහයෙන් මෙරට ජීවත් වන ජනතාවට සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

වරාය හා නාවික ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ; ආසියාවේ විශාලතම පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මෙම රෝහල් සමූහය මගින් වෛද්‍ය සේවාවන් ලබා ගැනීම පහසු වීම පිණිස ‘1305’ දරණ ක්ෂණික දූරකථන ඇමතුම් අංකය හඳුන්වා දී ඇති බවයි.

එම ක්ෂණික දූරකථන ඇමතුම් අංකය හඳුන්වාදීමේ නිල උත්සවය පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේ දී සිදු කෙරුණා.

ඒ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්.

මෙම සේවාව මගින් ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල පිහිටි රෝහල් 72ක් මගින් වෛද්‍ය උපදේශන සේවා ඇතුළු සියලු ප්‍රතිකාර සේවා සඳහා අවශ්‍ය තොරතුරු මාර්ගගත තාක්ෂණය ඔස්සේ ලබා ගැනීමට හැකියාවක් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?