ඇඳුමක වාටියේ සඟවා බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන ආ කාන්තාවක් අල්ලයි

කළුතර බන්ධනාගාරය තුළට ඉතා සූක්ෂම අයුරින් කලිසම් වාටියේ සඟවා හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන යාමට තැත්කළ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර බන්ධනාගාරයේ රැඳවියන් වෙත පිටත සිට පැමිණෙන පුද්ගලයින්ගෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය ලැබෙන බවට බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (01) සවස සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසනවා.

රැඳවියන් බැලීමට පැමිණෙන මුවාවෙන් සහ රැඳවියන්ට අවශ්‍ය ඇඳුම් ලබා දෙන ආකාරයට කාන්තාවක් පැමිණ මෙම මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට ගෙනයන බවට තොරතුරු අනාවරණය වී ඇති ඇත්තේ.

ඒ අනුව ඊයේ පස්වරුවේ කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් කළුතර බන්ධනාගාර පිවිසුම ආසන්නයේදී සැකසහිත ත්‍රීවිල් රථයක් පරීක්ෂාකර ඇති අතර එම ත්‍රීරෝද රථයේ සිටි කාන්තාව සතු බෑගය පරීක්ෂා කිරීමේදී එම බෑගයේ තිබූ කලිසමක වාටිය සැක සහිත ලෙස මසා තිබී ඇති අතර එය පරික්ෂා කිරීමේදී ඉතා සූක්ෂම ලෙස ඒ තුළට හෙරොයින් මත්ද්‍රව්‍ය ඇතුළත් කොට මසා ඇති බව පොලිසිය සොයාගෙන තිබෙනවා.

මෙලෙස ඇඳුම්වල සඟවා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හයකට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් සොයා ඇති අතර ජාවාරම සඳහා භාවිතා කළ ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පසුව අනාවරණය වී ඇත්තේ මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ට අලෙවි කිරීම සඳහා බන්ධනාගාරය තුළ සිටින තවත් පුද්ගලයක්ට ලබාදීමට මෙම කාන්තාව සැලසුම් කොට ඇති බවයි.

ඊසිකෑස් ක්‍රමය ඔස්සේ දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක් වන මෙම කාන්තාව එම ප්‍රදේශයේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු පුද්ගලයෙක් හරහා මෙසේ සූක්ෂම ලෙස බන්ධනාගාරය තුළට අලෙවි කිරීමට මෙම මත්ද්‍රව්‍ය ගෙනවිත් තිබෙනවා.

අත්අඩංගුවට පත් එම කාන්තාව සහ ත්‍රීවිල් රථ රියදුරු අද (02) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?