ඇඳුමක වාටියේ සඟවා බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන ආ කාන්තාවක් අල්ලයි

කළුතර බන්ධනාගාරය තුළට ඉතා සූක්ෂම අයුරින් කලිසම් වාටියේ සඟවා හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන යාමට තැත්කළ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර බන්ධනාගාරයේ රැඳවියන් වෙත පිටත සිට පැමිණෙන පුද්ගලයින්ගෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය ලැබෙන බවට බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (01) සවස සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසනවා.

රැඳවියන් බැලීමට පැමිණෙන මුවාවෙන් සහ රැඳවියන්ට අවශ්‍ය ඇඳුම් ලබා දෙන ආකාරයට කාන්තාවක් පැමිණ මෙම මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට ගෙනයන බවට තොරතුරු අනාවරණය වී ඇති ඇත්තේ.

ඒ අනුව ඊයේ පස්වරුවේ කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් කළුතර බන්ධනාගාර පිවිසුම ආසන්නයේදී සැකසහිත ත්‍රීවිල් රථයක් පරීක්ෂාකර ඇති අතර එම ත්‍රීරෝද රථයේ සිටි කාන්තාව සතු බෑගය පරීක්ෂා කිරීමේදී එම බෑගයේ තිබූ කලිසමක වාටිය සැක සහිත ලෙස මසා තිබී ඇති අතර එය පරික්ෂා කිරීමේදී ඉතා සූක්ෂම ලෙස ඒ තුළට හෙරොයින් මත්ද්‍රව්‍ය ඇතුළත් කොට මසා ඇති බව පොලිසිය සොයාගෙන තිබෙනවා.

මෙලෙස ඇඳුම්වල සඟවා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හයකට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් සොයා ඇති අතර ජාවාරම සඳහා භාවිතා කළ ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පසුව අනාවරණය වී ඇත්තේ මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ට අලෙවි කිරීම සඳහා බන්ධනාගාරය තුළ සිටින තවත් පුද්ගලයක්ට ලබාදීමට මෙම කාන්තාව සැලසුම් කොට ඇති බවයි.

ඊසිකෑස් ක්‍රමය ඔස්සේ දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක් වන මෙම කාන්තාව එම ප්‍රදේශයේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු පුද්ගලයෙක් හරහා මෙසේ සූක්ෂම ලෙස බන්ධනාගාරය තුළට අලෙවි කිරීමට මෙම මත්ද්‍රව්‍ය ගෙනවිත් තිබෙනවා.

අත්අඩංගුවට පත් එම කාන්තාව සහ ත්‍රීවිල් රථ රියදුරු අද (02) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38