යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී 22 රාත්‍රියේ තියිණු ආයුධ ගත් පිරිසකගේ පහරදීමකින් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි යාපනය පොලීසිය පවසයි.
ගුරුනගර් වෙරල මාර් ගයේ රැඳී සිටි පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති අතර යතුරු පැදි දෙකකින් මුහුණු ආවරනය කොට ගෙන පැමිණි නාදුණන පිරිසක් විසින් කඩු ඇතුලු තියුණු ආයුධ වලින් පහර දී පලා ගිය බවට පහරකෑමට ලක් වූ පිරිස් පොලීසියට පවසා ඇත.
පවතින නිරෝධායන ඇඳිරිනීතිය අතරේ මෙම පහරදීම සිදුව ඇති අතර පහරකෑමට ලක්ව ඇත්තේ ගුරුනගර් ප්‍රදේශයේම පදිංචි කරුවන් පිරිසක් වන අතර අදාල පහරදීමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පුලුල් පරික්ෂණයක් අරඹා ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ




