ඇඩම් සම්පාට කොවිඩ්

ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ඕස්ට්‍ර්ලියානු සංචිතයේ දඟපන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පාට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව අද (25) පස්වරුවේ පර්ත් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකාවට එරෙහි තරගය සඳහා ඔහුගේ එක්වීම සැක සහිත බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාකර තිබුණේ.

කෙසේ නමුත් තවමත් ඔහුව තේරීම සඳහා රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව නීතිවලට අනුව වෛද්‍ය නිර්දේශ මත කොවිඩ් ආසාදිත ක්‍රීඩකයෙකුට තරග සඳහා එක්වීමේ අවස්ථාව පවතිනවා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වර්තමානයේ සීමිත පන්දුවාර තරග සඳහා එක්කරගනු ලබන ප්‍රබලතම දඟ පන්දු යවන්නා වන්නේ ද ඇඩම් සම්පායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?