ඇඟිලිවලින් කියැවෙන ඔයාගේ ජීවන තොරතුරු දැනගන්න

මාපටැඟිල්ල, දබරඟිල්ල, මැදඟිල්ල, වෙදඟිල්ල සහ සුලඟිල්ල යනුවෙන් අතක ඇඟිලි පහක් පිහිටා ඇත. එම ඇඟිලි එකිනෙකට වෙනස් ප්‍රමාණයන්ගෙන් යුක්ත වේ. සමහර ස්ත්‍රී, පුරුෂයන්ගේ අතේ ඇඟිලි පහකට වඩා පිහිටා තිබීමට පුළුවනි. එවිට එය අශුභ ලක්ෂණයක් හැටියට දත යුතුය. එවැනි ඇත්තන්ගේ ආයුෂ හීනය. අන්‍යයන්ගේ යටතට පත්වන ගතියකි. වෙසෙසින්ම දුක්බර ජීවිතයක් උරුම වෙයි. මනාව වැඩුනු ප්‍රියමනාප දිගු ඇඟිලි දේහ ලක්ෂණ බැලීමේ දී ශුභ ප්‍රතිඵල ඇති කරයි.  

යමෙකුගේ දබරඟිල්ල මැදඟිල්ලට වඩා දිගු නම් ​හෝ සමාන දිගකින් යුතු නම් ඔහු හෝ ඇය විනෝදයට බර කෙනෙකි. තම අභිලාෂයන් කෙසේ හෝ මුදුන් පත් කර ගනී. තනතුරු නම්බුණාම ප්‍රියය. දබරඟිල්ල වෙදැඟිල්ලට වඩා දිගු නම් සහකරුට හෝ සහකාරියට පක්ෂපාතීය. මැදඟිල්ල වක්ව පිහිටයි නම් ඔවුනට ඇත්තේ දැඩි දරුණු සිතකි. මනුෂ්‍ය ගුණධර්මවලින් හීනය. කෙටි සුලැඟිල්ලක් පිහිටීම දියුණු බවේ ලක්ෂණයකි. එසේම සුලැඟිල්ල දිගු නම් දියුණුවට පැමිණේ. ආර්ථිකය අතින් බොහෝ ශක්තිමත් වේ. වියත් කථිකත්වයකි. ලිවීමෙහි දක්ෂය.  

යම් ස්ත්‍රියකගේ ඇඟිලි සිනිදු නම් ද වටව මනාව පිහිටා ඇඟිලි තුඩු උල්ව ඇත්නම් ද එය වාසනාවන්ත ලකුණකි. උතුම් මනුෂ්‍ය ගුණධර්ම සිත පිහිටයි. ධන ධාන්‍යාදී සැප සම්පත් ලබයි. වැඩ කටයුතු ක්‍රමානුකූලය. කාර්යක්ෂමය. එම ඇඟිලි රත් පැහැ නම් ඉතාමත් වාසනාවන්ත කතකි. කළු හෝ කහ පැහැ ගනී නම් අශුභ ප්‍රතිඵලයක්ම ගෙන දෙයි. ඇඟිලි එල් කල විට ඇඟිලි අතර සිදුරු පිහිටන්නේ නම් දිළිඳු බවේ සංකේතයකි. ශරීර සනීපයට ද බාධා ඇති වේ. සිදුරු නොමැති නම් විවාහය සැපවත්ය.  

පුරුෂයන්ගේ ඇඟිලි දිගු වීම ශුභය. හොඳ ශරීර සෞඛ්‍යයක් හිමි වේ. කම්මැලි නැත. ඕනෑම ආපදා තත්ත්වයක දී වුව ද නොසැලී සිටීමට තරම් සිත ශක්තිමත්ය. ප්‍රේමය, විවාහය, ඉක්මන් වේ. අභියෝග ජය ගනී. ක්ෂණික තීන්දු තීරණ ගන්නා අතර සමහර ඒවා වැරදි තීන්දු තීරණය. මාපටැඟිල්ල දබරඟිල්ල දෙසට නොනැමී මනාව පිහිටා ඇත්නම් ඔහු ධනවතෙකි. උනන්දුව උත්සාහය ඔහු කෙරෙන් විද්‍යාමානය. ඉවසීමේ ගුණයෙන් ද යුතුය. තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට වෙසෙසින්ම උන්නදුය. වක් වූ හෝ කොට ඇඟිලි පිහිටීම ජීවන ගමන දුක්බරය. වියළි ගිය ආකාරයෙන් ඇඟිලි පිහිටීම වැරදි තීරණ ගන්නා ලක්ෂණයකි. එහෙයින්ම පසුතැවිලි වීමට කරුණු ද සැලකේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32
Video thumbnail
විදුලිබල මණ්ඩලයට සැර ටොක්කක්.."ඔක්කොම දැන් හොරු සමඟ හෙ#වෙන්"
11:56
Video thumbnail
ආනන්ද පාලිතගෙන් සජිත්ට සැර සත්තමක්.."පතෝල න්‍යාය නෙවෙයි මේක ගසා කෑමේ න්‍යාය"
15:46
Video thumbnail
STF නිලධාරියෙක් විසින් සහෝදරියගේ සැමියා බිහිසුණු අයුරින් එළොව ‍යවලා
01:11


?