ඇඟිලිවලින් කියැවෙන ඔයාගේ ජීවන තොරතුරු දැනගන්න

මාපටැඟිල්ල, දබරඟිල්ල, මැදඟිල්ල, වෙදඟිල්ල සහ සුලඟිල්ල යනුවෙන් අතක ඇඟිලි පහක් පිහිටා ඇත. එම ඇඟිලි එකිනෙකට වෙනස් ප්‍රමාණයන්ගෙන් යුක්ත වේ. සමහර ස්ත්‍රී, පුරුෂයන්ගේ අතේ ඇඟිලි පහකට වඩා පිහිටා තිබීමට පුළුවනි. එවිට එය අශුභ ලක්ෂණයක් හැටියට දත යුතුය. එවැනි ඇත්තන්ගේ ආයුෂ හීනය. අන්‍යයන්ගේ යටතට පත්වන ගතියකි. වෙසෙසින්ම දුක්බර ජීවිතයක් උරුම වෙයි. මනාව වැඩුනු ප්‍රියමනාප දිගු ඇඟිලි දේහ ලක්ෂණ බැලීමේ දී ශුභ ප්‍රතිඵල ඇති කරයි.  

යමෙකුගේ දබරඟිල්ල මැදඟිල්ලට වඩා දිගු නම් ​හෝ සමාන දිගකින් යුතු නම් ඔහු හෝ ඇය විනෝදයට බර කෙනෙකි. තම අභිලාෂයන් කෙසේ හෝ මුදුන් පත් කර ගනී. තනතුරු නම්බුණාම ප්‍රියය. දබරඟිල්ල වෙදැඟිල්ලට වඩා දිගු නම් සහකරුට හෝ සහකාරියට පක්ෂපාතීය. මැදඟිල්ල වක්ව පිහිටයි නම් ඔවුනට ඇත්තේ දැඩි දරුණු සිතකි. මනුෂ්‍ය ගුණධර්මවලින් හීනය. කෙටි සුලැඟිල්ලක් පිහිටීම දියුණු බවේ ලක්ෂණයකි. එසේම සුලැඟිල්ල දිගු නම් දියුණුවට පැමිණේ. ආර්ථිකය අතින් බොහෝ ශක්තිමත් වේ. වියත් කථිකත්වයකි. ලිවීමෙහි දක්ෂය.  

යම් ස්ත්‍රියකගේ ඇඟිලි සිනිදු නම් ද වටව මනාව පිහිටා ඇඟිලි තුඩු උල්ව ඇත්නම් ද එය වාසනාවන්ත ලකුණකි. උතුම් මනුෂ්‍ය ගුණධර්ම සිත පිහිටයි. ධන ධාන්‍යාදී සැප සම්පත් ලබයි. වැඩ කටයුතු ක්‍රමානුකූලය. කාර්යක්ෂමය. එම ඇඟිලි රත් පැහැ නම් ඉතාමත් වාසනාවන්ත කතකි. කළු හෝ කහ පැහැ ගනී නම් අශුභ ප්‍රතිඵලයක්ම ගෙන දෙයි. ඇඟිලි එල් කල විට ඇඟිලි අතර සිදුරු පිහිටන්නේ නම් දිළිඳු බවේ සංකේතයකි. ශරීර සනීපයට ද බාධා ඇති වේ. සිදුරු නොමැති නම් විවාහය සැපවත්ය.  

පුරුෂයන්ගේ ඇඟිලි දිගු වීම ශුභය. හොඳ ශරීර සෞඛ්‍යයක් හිමි වේ. කම්මැලි නැත. ඕනෑම ආපදා තත්ත්වයක දී වුව ද නොසැලී සිටීමට තරම් සිත ශක්තිමත්ය. ප්‍රේමය, විවාහය, ඉක්මන් වේ. අභියෝග ජය ගනී. ක්ෂණික තීන්දු තීරණ ගන්නා අතර සමහර ඒවා වැරදි තීන්දු තීරණය. මාපටැඟිල්ල දබරඟිල්ල දෙසට නොනැමී මනාව පිහිටා ඇත්නම් ඔහු ධනවතෙකි. උනන්දුව උත්සාහය ඔහු කෙරෙන් විද්‍යාමානය. ඉවසීමේ ගුණයෙන් ද යුතුය. තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට වෙසෙසින්ම උන්නදුය. වක් වූ හෝ කොට ඇඟිලි පිහිටීම ජීවන ගමන දුක්බරය. වියළි ගිය ආකාරයෙන් ඇඟිලි පිහිටීම වැරදි තීරණ ගන්නා ලක්ෂණයකි. එහෙයින්ම පසුතැවිලි වීමට කරුණු ද සැලකේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57