AFC Banner
AFC Banner
Empty Ad

ඇගයීමට ලක් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවය

ශ්‍රී ලන්කන් ගුවන් සේවය , “දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය” ලෙස ඉකුත් සැප්තැම්බර් 20වන දින නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති දකුණු ආසියානු සංචාරක සේවා සම්මාන උළෙලේ දී ( South Asian Travel Awards ) ඇගැයීමට ලක් වී තිබෙනවා.

මෙම සම්මාන උළෙල දකුණු ආසියානු කළාපයේ සංචාරක සේවා කර්මාන්තයේ වඩාත් ගෞරවනීයම සම්මාන උළෙල වන අතර එය වාර්ෂිකව සංවිධානය කරන්නක් බවයි වාර්තා වන්නේ.

අදාළ ක්ෂේත්‍රවල වෘත්තිකයන් සහ පාරිභෝගිකයන් විසින් ලබා දෙන ජන්ද අනුව සංවිධායක මණ්ඩලය විසින් තෝරාගැනීම් සිදුකර තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය දකුණු ආසියානු කළාපයේ ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය සහ නේපාලය ඇතුළු රටවල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත සතියකට ගුවන් ගමන් වාර 130ක් පමණ ක්‍රියාත්කම කරන බවයි අප වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?