AFC Banner
AFC Banner
Empty Ad

ආහාර විෂ වීමකින් සිසුන් 6ක් රෝහලට

පස්සර මීදුම්පිටිය ප්‍රදේශයේ පාසලක සිසුන් 6 දෙනෙකු ආහාර විෂවීමක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා පස්සර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ එම විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිසුන් ගෙන් එක් අයෙකු ගෙන එන ලද අහාර පාර්සලයක් සියලුම දෙනා ආහාරයට ගැනිමෙන් පසු ඇතිවූ අසනීප තත්ත්වයක් මත මෙලෙස රෝහලට ඇතුළත් කිරිමට විද්‍යාලයේ ගුරු මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කළ කල විමසීමකදි පස්සර මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේ ආහාර විෂවීමක් බව පවසා රෝහලට ඇතුලත් කළ සිසුන් සඳහා අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?