ආහාර අර්බුදයට කොස් තම්බන ගොඩ වෙද්දුන්ට “පෝෂනවේදී රනිල් ජයවර්ධන” කන පිරෙන්න කියලා දෙයි.

පෝෂනවේදී රනිල් ජයවර්ධන මහතා තම මුහුනුපොත් ගිනුමේ සටහනක් තබා තිබෙනවා.එහි සඳහන් වන්නේ ආහාර අර්බුධය හමුවේ කොස් දෙල් වැනි ආහාර සමග අපිට අපේ පෝෂන අවශ්‍යතා ඉදිරියේ දී කවර ආකාරයකින් විසඳේවී ද යන්න සම්බන්දව අනාවරනයක් කිහිපයකි.එසේම මෙම ගැටලුවට එතුමා කරන යොජනාවන්ද එම සටහනේ ඇතුලත් වෙනවා.

එම සටහන පහතින් ,


ආහාර අර්බූදය…..

නුදුරේදී ඇති වියහැකි ආහාර අර්බුදයට පිළියම කිසිසේත්ම අටු කොස් හෝ කොස් ඇට වැනි අහාර වර්ග කෑමට පුරුදු වීම නොව. එවැනි අහාර මගින් ඔබට අවශ්‍ය නිසි පෝෂණය නොලැබෙන අතර ශ්‍රී ලංකාවේ නුතන පෝෂ්‍ය ගැටළු වලටද විසදුම් ලබා නොදෙයි. විවිධ මාද්‍යයන් තුලින් මේ දිනවල සරළ ආහාර රටාවකට හුරු වීමේ ඇති වැදගත්කම ප්‍රවර්ධනය කිරීමට උත්සාහ දරන බවක් පෙනීයන බැවින් පහත කරුණු කිහිපය ඔබ හමුවේ තැබීමට තීරණය කළෙමි.
පළමුව ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය වනසාලීමට වැරදි උපදෙස් දුන් ව්‍යාජ විශේෂඥයින්ට වහා දඩුවම් ලබා දිය යුතුය. මන්දයත් ඉදිරියේදී ඇති විය හැකි සාගතයක් වේ නම් එය හුදෙක්ම ඔවුන්ගේ මිත්‍යාමත පදනම්වූ සැලසුම් සහ සැබෑ විෂය විශේෂඥයීන්ට කන් නොදීමේ ප්‍රතිපලයන් නිසා වෙනි.
දෙවනුව අධම පාලකයන් විසින් රටෙන් සොරා කෑ ජාතික ධනය හැකි ඉක්මනින් ආපසු ලබාගෙන අත්‍යවශ්‍ය ආහාර පාන අපනයනය කිරීම සඳහා යොදා ගත යුතුය. රටෙහි ජනතාව නිසි පෝෂණයෙන් තොර අහාර අනුභව කරමින් ඔවුන්ගේ අමන ක්‍රියා වලට කිසිසේත් වන්දි ගෙවිය යුතු නැත.
තෙවනුව කෘෂිකාර්මික විද්‍යාර්ථයින්ගේ උපදෙස් වලට අනුකූලව ශ්‍රී ලංකාවට සුදුසු, දීර්ඝ කාලීන කෘෂිකාර්මික ප්‍රතිපත්ති සැලසුම් කොට ඒවා ක්‍රියාවට නැංවිය යුතුය. නැතහොත් නැවත නැවතත් ණය ලබා ගනිමින් මෙම විෂම චක්‍රයේ සදාකාලිකවම පැටලී සිටීමට ඔබටත් මටත් සිදුවෙනු ඇත.

පෝෂණය පිළිබඳ මහාචාර්ය,
විශේෂඥය වෛද්‍ය රනිල් ජයවර්ධන

image 19
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
143
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලේ වෙනස්ම විදියකට නව අවුරුදු උදාව සමරපු හැටි..රටටම සෙත් පතා ගාලු මහ බෝධිය අසළ කරපු දේ
01:26
Video thumbnail
මාව ජනාධිපති කරන්න කියලා ගිහින් වල්ලි අම්මගෙන් ඉල්ලපන්
00:48
Video thumbnail
අධ්‍යාපන ලේකම්වරිය බබා.."සමරිසි ප්‍රවර්ධනය කිරිමේ තානාපති අගමැතිතුමිය"
03:04
Video thumbnail
අලුත් අවුරුද්දෙම හොඳම එකෙන් ඇමතූ රංජිත්..මේවා කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දුනේ
09:29
Video thumbnail
මෝටර් රථයක් පොල් ගහක් උඩට ගිය බිහිසුණු අනතුර
01:07
Video thumbnail
මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ල නිසා සංවර්ධන කමිටුව උණුසුම්වෙයි..හෙංචයියෝ වගේ ඉන්න හිතනවනම් සොරි තමයි
09:50
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු එජාප සෙට් එකත් ජයටම සමරපු අලුත් අවුරුදු..මිනිස්සු රනිල් එක්ක Selfie ග#‍‍යි
02:14
Video thumbnail
හරිනි ඉල්ලා අස්වෙන්න ඕනේ - 2026 ආරම්භය සුභදායක නෑ
05:57
Video thumbnail
රුවන්වැලිසෑයට මහ ජන ගඟක් ඇදෙයි..රුවන්වැලිසෑ නායක හිමිගෙන් විශේෂ පණිවිඩයක්
06:49
Video thumbnail
නව වසරට සුභ පැතුම් එක්කළ අටමස්ථානාධිපති..ආපදාවලින් අසරණ වුණ ජනතාවට හැකි පමණින් උදව් උපකාර කරන්න
01:40


?