ආසියාවේ ක්‍රිකට් ශූරියන් තෝරන අවසන් මහා සටන අද

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගට අද (28) පැවැත් වෙනවා.

මෙවර තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩයම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.

මෙම කණ්ඩායම් දෙකම තරගාවලියේ අපරාජිත කණ්ඩායම් දෙකක් ලෙස මෙවර අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා තිබීම ද විශේෂත්වයක්.

මෙවර ආසියානු කුසලානයේ ලකුණු සංඛ්‍යාව අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පිළිවෙලින් ලකුණු 559ක් සහ 504ක් ලබාගෙන ඇති අතර, ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩිකාවන් හතරදෙනෙක් මෙවර තරගාවලියේ දී අර්ධ ශතක 04ක් වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න මෙවර ආසියානු කුසලානයේ දී අර්ධ ශතක රැස්කළ ක්‍රීඩිකාවන් වනවා.

පන්දුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පිළිවෙළින් කඩුලු 31ක් සහ 27ක් දවාගෙන දෙපිළම ඉතා තරගකාරී තත්ත්වයක පසුවනවා.

කාන්තා ආසියානු කුසලාන තරගාවලි 08ක් මෙතෙක් පවත්වා ඇති අතර, ඉන් එක් අවස්ථාවක හැර අවස්ථා 07ක දී ශූරියන් බවට පත්වීමට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබී තිබෙනවා.

ඒ, අනුව ඉන්දියාව සිය 08 වන ආසියානු කුසලානයේ ජනග්‍රහණය වෙනුවෙන් පිටියට පිවිසෙන අතර, සිය කුළුඳුල් ආසියානු කුසලානය දෝතට ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද පිටියට පිවිසෙනවා.

මෙවර කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශූරියන් තෝරාගනු ලබන අවසන් මහා තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (28) පස්වරු තුනට ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45


?