ආසියාවේ ක්‍රිකට් ශූරියන් තෝරන අවසන් මහා සටන අද

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගට අද (28) පැවැත් වෙනවා.

මෙවර තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩයම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.

මෙම කණ්ඩායම් දෙකම තරගාවලියේ අපරාජිත කණ්ඩායම් දෙකක් ලෙස මෙවර අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා තිබීම ද විශේෂත්වයක්.

මෙවර ආසියානු කුසලානයේ ලකුණු සංඛ්‍යාව අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පිළිවෙලින් ලකුණු 559ක් සහ 504ක් ලබාගෙන ඇති අතර, ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩිකාවන් හතරදෙනෙක් මෙවර තරගාවලියේ දී අර්ධ ශතක 04ක් වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න මෙවර ආසියානු කුසලානයේ දී අර්ධ ශතක රැස්කළ ක්‍රීඩිකාවන් වනවා.

පන්දුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පිළිවෙළින් කඩුලු 31ක් සහ 27ක් දවාගෙන දෙපිළම ඉතා තරගකාරී තත්ත්වයක පසුවනවා.

කාන්තා ආසියානු කුසලාන තරගාවලි 08ක් මෙතෙක් පවත්වා ඇති අතර, ඉන් එක් අවස්ථාවක හැර අවස්ථා 07ක දී ශූරියන් බවට පත්වීමට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබී තිබෙනවා.

ඒ, අනුව ඉන්දියාව සිය 08 වන ආසියානු කුසලානයේ ජනග්‍රහණය වෙනුවෙන් පිටියට පිවිසෙන අතර, සිය කුළුඳුල් ආසියානු කුසලානය දෝතට ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද පිටියට පිවිසෙනවා.

මෙවර කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශූරියන් තෝරාගනු ලබන අවසන් මහා තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (28) පස්වරු තුනට ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරු අල්ලන එක ඉස්සරහට දාලා දේශපාලන පළිගැනීම් කරනවා
07:13
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි - උඹට කවුද දුන්නේ ?ගණන් කරපන්
01:35
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරනවට රටේ ඉන්න තරුණයන් විරුද්ධයි
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.04
08:27:07
Video thumbnail
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
02:27
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:54
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
03:59
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා - එතකොට බලාගන්නම්
02:48
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39