AFC Banner
AFC Banner
Empty Ad

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංවිම ව්‍යාපෘතිවලට ඩොලර් මිලියන 150ක ණයක්

ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත පසුගිය නොවැම්බර් මාසයේ දී අනුමත කළ අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදල සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

මෙම ගිවිසුම අද (19) දින සිදු කර ඇති බවයි ලංවිම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

මෙම ණය මුදල ශ්‍රී ලංකා රජය හරහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා ගැනීම සඳහා වන සාකච්ඡා පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී සිදු කෙරුණා.

අදාළ ව්‍යාපෘතිය මගින් රටේ විදුලි පද්ධතියේ ස්ථායිතාව වැඩිදියුණු කිරීමට අත්‍යවශ්‍ය ව්‍යාපෘති ගණනාවක් සිදු කිරීමට ද සැලසුම් යොදා තිබෙනවා.

ඉදිරියේ දී අප රට තුළ ඉදිකිරීමට නියමිත විශාල ප්‍රමාණයේ පුනර්ජනනීය ව්‍යාපෘති පද්ධතිය වෙත එක් කරගැනීමට අත්‍යවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ව්‍යාපෘති ගණනාවක් ද මෙම ණය මුදල හරහා ඉදිකිරීමට නියමිතයි.

ව්‍යාපෘති සාරාංශය ලෙස නව ග්‍රිඩ් උප පොළවල් 06ක් ඉදිකිරීම, කිලෝමීටර් 87ක් දිග ද වොට් 132කින් යුත් සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම, කිලෝමීටර් 45ක් දිග වොට් 220ක සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම සහ දැනට පවතින ග්‍රිඩ් උපපොළවල් දෙකක ධාරිතාව වැඩි කිරීම මෙහි යෝජිත දේවල් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?