ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංවිම ව්‍යාපෘතිවලට ඩොලර් මිලියන 150ක ණයක්

ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත පසුගිය නොවැම්බර් මාසයේ දී අනුමත කළ අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදල සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

මෙම ගිවිසුම අද (19) දින සිදු කර ඇති බවයි ලංවිම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

මෙම ණය මුදල ශ්‍රී ලංකා රජය හරහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා ගැනීම සඳහා වන සාකච්ඡා පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී සිදු කෙරුණා.

අදාළ ව්‍යාපෘතිය මගින් රටේ විදුලි පද්ධතියේ ස්ථායිතාව වැඩිදියුණු කිරීමට අත්‍යවශ්‍ය ව්‍යාපෘති ගණනාවක් සිදු කිරීමට ද සැලසුම් යොදා තිබෙනවා.

ඉදිරියේ දී අප රට තුළ ඉදිකිරීමට නියමිත විශාල ප්‍රමාණයේ පුනර්ජනනීය ව්‍යාපෘති පද්ධතිය වෙත එක් කරගැනීමට අත්‍යවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ව්‍යාපෘති ගණනාවක් ද මෙම ණය මුදල හරහා ඉදිකිරීමට නියමිතයි.

ව්‍යාපෘති සාරාංශය ලෙස නව ග්‍රිඩ් උප පොළවල් 06ක් ඉදිකිරීම, කිලෝමීටර් 87ක් දිග ද වොට් 132කින් යුත් සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම, කිලෝමීටර් 45ක් දිග වොට් 220ක සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම සහ දැනට පවතින ග්‍රිඩ් උපපොළවල් දෙකක ධාරිතාව වැඩි කිරීම මෙහි යෝජිත දේවල් වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18