AFC Banner
AFC Banner
Empty Ad

ආසියානු ශූරියන් වූ නාවික හමුදාවේ උදේශිකා, හර්ෂිතා හා හසිනිට උසස්වීම්

කාන්තා ආසියානු ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට දිනාදීම වෙනුවෙන් ඇප කැප වී ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ උදේශිකා ප්‍රබෝධනී, හසිනි පෙරේරා සහ හර්ෂිතා සමරවික්‍රම යන ක්‍රීඩිකාවන් සිය නිලයෙන් උසස් කිරීමට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා කටයුතු කර තිබෙනවා.

මෙම ක්‍රීඩිකාවන් තිදෙනා ඊයේ (05) දහවල් ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපතිවරයා හමු වීම සිදු කෙරුණු බවයි ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මෙම හමුවේ දී කාන්තා නායක නැවි උදේශිකා ප්‍රබෝධනී, බලකාන්තා නැවි හසිනි පෙරේරා සහ සාමාන්‍ය කාන්තා නැවි හර්ෂිතා සමරවික්‍රම යන ක්‍රීඩිකාවන් ව ඊයේ දිනයේ සිට පිළිවෙළින් ක්‍රියාත්මක වන පරිදි සුළු නිලධාරී (Woman Petty Officer), කාන්තා නායක නැවි (Woman Leading Seaman) සහ බල කාන්තා නැවි (Woman Able Seaman) යන ධුර සඳහා උසස් කරනු ලැබුවා.

නාවික හමුදා සාමාජිකාවන් වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහභාගී වීම, ජයග්‍රහණ ලබාගැනීම සහ 2024 ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාව දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් නාවික හමුදාවට සහ ශ්‍රී ලංකාවට ලබාදුන් විශාල ගෞරවය යන කරුණු සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ සේවය මෙලෙස අගයනු ලැබුවා.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ, නාවික හමුදා ක්‍රිකට් සංචිතයේ ලේකම් කපිතාන් සුරංග පරණවිතාන ඇතුළු පිරිසක් සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
40
+1
1
+1
17
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?