ආසියානු ශූරියන් වූ නාවික හමුදාවේ උදේශිකා, හර්ෂිතා හා හසිනිට උසස්වීම්

කාන්තා ආසියානු ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට දිනාදීම වෙනුවෙන් ඇප කැප වී ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ උදේශිකා ප්‍රබෝධනී, හසිනි පෙරේරා සහ හර්ෂිතා සමරවික්‍රම යන ක්‍රීඩිකාවන් සිය නිලයෙන් උසස් කිරීමට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා කටයුතු කර තිබෙනවා.

මෙම ක්‍රීඩිකාවන් තිදෙනා ඊයේ (05) දහවල් ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපතිවරයා හමු වීම සිදු කෙරුණු බවයි ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මෙම හමුවේ දී කාන්තා නායක නැවි උදේශිකා ප්‍රබෝධනී, බලකාන්තා නැවි හසිනි පෙරේරා සහ සාමාන්‍ය කාන්තා නැවි හර්ෂිතා සමරවික්‍රම යන ක්‍රීඩිකාවන් ව ඊයේ දිනයේ සිට පිළිවෙළින් ක්‍රියාත්මක වන පරිදි සුළු නිලධාරී (Woman Petty Officer), කාන්තා නායක නැවි (Woman Leading Seaman) සහ බල කාන්තා නැවි (Woman Able Seaman) යන ධුර සඳහා උසස් කරනු ලැබුවා.

නාවික හමුදා සාමාජිකාවන් වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහභාගී වීම, ජයග්‍රහණ ලබාගැනීම සහ 2024 ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාව දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් නාවික හමුදාවට සහ ශ්‍රී ලංකාවට ලබාදුන් විශාල ගෞරවය යන කරුණු සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ සේවය මෙලෙස අගයනු ලැබුවා.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ, නාවික හමුදා ක්‍රිකට් සංචිතයේ ලේකම් කපිතාන් සුරංග පරණවිතාන ඇතුළු පිරිසක් සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට එළියට
03:15
Video thumbnail
අකිලගේ ආරක්ෂාව ගැන බන්ධනාගාර කොමසාරිස්ට එජාපයෙන් ලිපියක් - එතුමාගේ ජීවිතේ අනතුරේ
01:29
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37
Video thumbnail
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා චාම්ව වැඩ භාරගත් අයුරු - "ජනපති විශාල වගකීමක් මට භාරදුන්නේ"
07:43
Video thumbnail
මට හාර්ට් ඇටෑක් - අපි මැ#ණත් කමක් නෑ - අපේ ළමයි ටික ඕනි සර්..මුන් අපිව පන්නනවා
01:41
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33