ආසියානු රන් පදක්කම වෙනුවෙන් කාන්තා ක්‍රිකට් පිළ අවසන් මහා සටනට

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් දෙවැනි අවසන් පූර්ව වටයේ තරගයෙන් පාකිස්තාන කාන්තා කණ්ඩායම පරදා කඩුලු 06ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද (24) හැකියාව ලැබුණා.

මෙම තරගයේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 75ක් පමණයි.

එහිදී උදේශිකා ප්‍රබෝධනී පාකිස්තාන කඩුලු 03ක් දැමීමට සමත් වූ අතර, කිසිඳු පාකිස්ථාන ක්‍රීඩිකාවකට ලකුණු 16 සීමාව පසු කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්නියන් ඉඩ ලබා දුන්නේ නැහැ.

මෙහිදී කවීෂා දිල්හාරි කඩුලු 02ක්, ඉනෝකා රණවීර, ඉනෝෂි ප්‍රියදර්ශනී සහ අචිනි කුලසූරිය එක් කඩුල්ල බැඟින් බිඳ දැමුවා.

අනතුරුව පිළිතුරු ඇරඹු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු ජක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 16යි පන්දු 03ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී පසුකර ගියා.

එහිදී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23ක්, නිලක්ෂි ද සිල්වා ලකුණු 18ක්, නායිකා චමරි අතපත්තු ලකුණු 14ක් සහ අනුෂ්කා සංජීවනි ලකුණු 15ක් ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම වෙනුවෙන් රැස් කළා.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කම වෙනුවෙන් හෙට (25) දිනයේ තරග බිමට පිවිසීමට නියමිතයි.

රන් පදක්කම වෙනුවෙන් අවසන් මහා තරගයේ දී ඉන්දීය කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟින් තරග වැදීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
9
+1
1
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?