ආසියානු රන් පදක්කම වෙනුවෙන් කාන්තා ක්‍රිකට් පිළ අවසන් මහා සටනට

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් දෙවැනි අවසන් පූර්ව වටයේ තරගයෙන් පාකිස්තාන කාන්තා කණ්ඩායම පරදා කඩුලු 06ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද (24) හැකියාව ලැබුණා.

මෙම තරගයේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 75ක් පමණයි.

එහිදී උදේශිකා ප්‍රබෝධනී පාකිස්තාන කඩුලු 03ක් දැමීමට සමත් වූ අතර, කිසිඳු පාකිස්ථාන ක්‍රීඩිකාවකට ලකුණු 16 සීමාව පසු කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්නියන් ඉඩ ලබා දුන්නේ නැහැ.

මෙහිදී කවීෂා දිල්හාරි කඩුලු 02ක්, ඉනෝකා රණවීර, ඉනෝෂි ප්‍රියදර්ශනී සහ අචිනි කුලසූරිය එක් කඩුල්ල බැඟින් බිඳ දැමුවා.

අනතුරුව පිළිතුරු ඇරඹු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු ජක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 16යි පන්දු 03ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී පසුකර ගියා.

එහිදී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23ක්, නිලක්ෂි ද සිල්වා ලකුණු 18ක්, නායිකා චමරි අතපත්තු ලකුණු 14ක් සහ අනුෂ්කා සංජීවනි ලකුණු 15ක් ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම වෙනුවෙන් රැස් කළා.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කම වෙනුවෙන් හෙට (25) දිනයේ තරග බිමට පිවිසීමට නියමිතයි.

රන් පදක්කම වෙනුවෙන් අවසන් මහා තරගයේ දී ඉන්දීය කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟින් තරග වැදීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16