ආසියානු රග්බි සභාපති සහ ක්‍රීඩා ඇමති අතර හමුවක්

ආසියානු රග්බි සභාපතිවරයා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ ආසියානු රග්බි සභාපතිවරයාගේ කාර්යාලයේදී යි.

රග්බි ක්‍රීඩාව සඳහා ස්ථායීකරණ කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු ලබාදීම එම හමුවේ අරමුණ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ ව්‍යවසනකාරී තත්ත්වය සහ මාතෘභූමිය පිළිබඳ මූලික නීති කඩකිරීම් හේතුවෙන් ඒ සඳහා මැදිහත් වීම හැර රජයට වෙනත් විකල්පයක් නොතිබුණ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය පසුගිය වසර ගණනාව පුරාම ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු නොකිරීම, ශ්‍රී ලංකාවේ මූලික නීති කඩකිරීම් යන කරුණු ඇතුලත්ව සිදු කරන ලද ක්‍රියාවන් ගණනාවක් හේතුවෙන් ක්‍රීඩා පනතේ ඇති වගන්ති ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත් වීම හැර වෙනත් විකල්පයක් නොතිබුණු බව අමාත්‍යවරයා පැහැදිළි කර තිබෙනවා.

එම තත්ත්වය මගහරවා ගැනීමට ගත යුතු පියවරක් ලෙස ස්ථාවරකරණ කමිටුවක් පත් කළ බවත්, අගෝස්තු මස මුල් සතිය තුළ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ සම්මේලනයේ නිලවරණය පවත්වා රග්බි ක්‍රීඩාව යහපත් පරිපාලනයක් ඔස්සේ රටක් ලෙස අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට ක්‍රියා කරන බවත් ඔහු කයිස් අල් දලායි මහතා වෙත කරුණු දක්වනු ලැබුවා.

වත්මන් ස්ථාවර කමිටුව පත් කරන ලද්දේ ද ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ තත්ත්වය වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව බවයි ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඇතිව තිබූ අර්බුධකාරී තත්ත්වය හමුවේ ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීම කාලෝචිත බවත්, ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සෑම විටම සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවයි කයිස් අල් දලායි මහතා එහි දී ප්‍රකාශ කළේ.

පසුගිය 12 වන දින තමා විසින් කරුණු පැහැදිලි කර එවන ලද ලිපියට යහපත් ප්‍රතිචාර දක්වමින් පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ස්තූතිය ද පුද කළ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මෙම වසරේ අගෝස්තු මස මුල් සතිය තුළ යහපත් පාලනයක් ඇති පරිසරයක් තුළ සාධාරණ හා නැවුම් නිලවරණයක් පවත්වා ස්ථාවර කිරීමේ කමිටුවේ අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ බලාපොරොත්තුවයි.

ක්‍රීඩාව වැඩිදියුණු කිරීම උදෙසා ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය සමඟ සමීපව කටයුතු කරමින් ඊට සිය උපරිම දායකත්වය ලබා දෙන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23


?