ආසියානු රග්බි සභාපති සහ ක්‍රීඩා ඇමති අතර හමුවක්

ආසියානු රග්බි සභාපතිවරයා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ ආසියානු රග්බි සභාපතිවරයාගේ කාර්යාලයේදී යි.

රග්බි ක්‍රීඩාව සඳහා ස්ථායීකරණ කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු ලබාදීම එම හමුවේ අරමුණ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ ව්‍යවසනකාරී තත්ත්වය සහ මාතෘභූමිය පිළිබඳ මූලික නීති කඩකිරීම් හේතුවෙන් ඒ සඳහා මැදිහත් වීම හැර රජයට වෙනත් විකල්පයක් නොතිබුණ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය පසුගිය වසර ගණනාව පුරාම ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු නොකිරීම, ශ්‍රී ලංකාවේ මූලික නීති කඩකිරීම් යන කරුණු ඇතුලත්ව සිදු කරන ලද ක්‍රියාවන් ගණනාවක් හේතුවෙන් ක්‍රීඩා පනතේ ඇති වගන්ති ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත් වීම හැර වෙනත් විකල්පයක් නොතිබුණු බව අමාත්‍යවරයා පැහැදිළි කර තිබෙනවා.

එම තත්ත්වය මගහරවා ගැනීමට ගත යුතු පියවරක් ලෙස ස්ථාවරකරණ කමිටුවක් පත් කළ බවත්, අගෝස්තු මස මුල් සතිය තුළ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ සම්මේලනයේ නිලවරණය පවත්වා රග්බි ක්‍රීඩාව යහපත් පරිපාලනයක් ඔස්සේ රටක් ලෙස අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට ක්‍රියා කරන බවත් ඔහු කයිස් අල් දලායි මහතා වෙත කරුණු දක්වනු ලැබුවා.

වත්මන් ස්ථාවර කමිටුව පත් කරන ලද්දේ ද ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ තත්ත්වය වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව බවයි ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඇතිව තිබූ අර්බුධකාරී තත්ත්වය හමුවේ ස්ථාවරකරණ කමිටුවක් පත් කිරීම කාලෝචිත බවත්, ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සෑම විටම සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවයි කයිස් අල් දලායි මහතා එහි දී ප්‍රකාශ කළේ.

පසුගිය 12 වන දින තමා විසින් කරුණු පැහැදිලි කර එවන ලද ලිපියට යහපත් ප්‍රතිචාර දක්වමින් පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ස්තූතිය ද පුද කළ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මෙම වසරේ අගෝස්තු මස මුල් සතිය තුළ යහපත් පාලනයක් ඇති පරිසරයක් තුළ සාධාරණ හා නැවුම් නිලවරණයක් පවත්වා ස්ථාවර කිරීමේ කමිටුවේ අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ බලාපොරොත්තුවයි.

ක්‍රීඩාව වැඩිදියුණු කිරීම උදෙසා ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය සමඟ සමීපව කටයුතු කරමින් ඊට සිය උපරිම දායකත්වය ලබා දෙන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56