ආසියානු කුසලාන සංචිතය ගැන ඇමති සහ ක්‍රිකට් ආයතනයෙන් පරස්පර කතාවක්

2022 ආසියානු කුසලාන තරගාවලියට ඉදිරිපත්වන ශ්‍රී ලංකා සංචිතය සඳහා ඊයේ (19) ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ අනුමැතිය හිමි වුණා.

ඒ, අනුව අදාල සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ම සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේ, වෙනදා මෙන් මධ්‍ය නිවේදනයක් මඟින් සංචිතය ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද ඉඩ නොතබමින් වීම විශේෂත්වයක්.

ක්‍රීඩකයින් විසි දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය අනුමැතිය සඳහා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය 12 වනදා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කළ බව දන්වා සිටියා.

සතියක් යනතෙක් එලෙස යොමුකළ සංචිතයට අනුමැතිය නොලැබීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතා බහක් ද මතුව ආවා.

කෙසේ වෙතත් ඊට පිළිතුරු සපයමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් ඊයේ (19) පවසා තිබුණේ ආසියානු කුසලාන සංචිතය අනුමැතිය සඳහා තමන් අතට පත්වූයේ අද (එනම් අගෝස්තු 19 වනදා) දිනයේ බවයි.

පැයක් ඇතුළත තමන් විසින් එයට අනුමැතිය ලබාදුන් බව ද ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

ඒ, අනුව අමාත්‍යවරයා පවසන කරුණු අනුව ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ආසියානු කුසලානය සංචිතය නම්කර අමාත්‍යවරයා වෙත යොමුකර ඇත්තේ ඊයේ (19) දිනයේ ද යන්න ගැටළුවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47