ආසියානු කුසලාන සංචිතය ගැන ඇමති සහ ක්‍රිකට් ආයතනයෙන් පරස්පර කතාවක්

2022 ආසියානු කුසලාන තරගාවලියට ඉදිරිපත්වන ශ්‍රී ලංකා සංචිතය සඳහා ඊයේ (19) ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ අනුමැතිය හිමි වුණා.

ඒ, අනුව අදාල සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ම සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේ, වෙනදා මෙන් මධ්‍ය නිවේදනයක් මඟින් සංචිතය ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද ඉඩ නොතබමින් වීම විශේෂත්වයක්.

ක්‍රීඩකයින් විසි දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය අනුමැතිය සඳහා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය 12 වනදා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කළ බව දන්වා සිටියා.

සතියක් යනතෙක් එලෙස යොමුකළ සංචිතයට අනුමැතිය නොලැබීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතා බහක් ද මතුව ආවා.

කෙසේ වෙතත් ඊට පිළිතුරු සපයමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් ඊයේ (19) පවසා තිබුණේ ආසියානු කුසලාන සංචිතය අනුමැතිය සඳහා තමන් අතට පත්වූයේ අද (එනම් අගෝස්තු 19 වනදා) දිනයේ බවයි.

පැයක් ඇතුළත තමන් විසින් එයට අනුමැතිය ලබාදුන් බව ද ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

ඒ, අනුව අමාත්‍යවරයා පවසන කරුණු අනුව ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ආසියානු කුසලානය සංචිතය නම්කර අමාත්‍යවරයා වෙත යොමුකර ඇත්තේ ඊයේ (19) දිනයේ ද යන්න ගැටළුවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?