ආසන පටි පැළඳීමේ නීතියට අපි එකඟයි; හැබැයි අනිද්දා ඉදන් බැහැ – ගැමුණු විජේරත්න

එළඹෙන පළමු වනදා සිට ක්‍රියාත්මක බස් රථ රියදුරන්ට ආසන පටි පැළඳීමේ නීතියට තම සංගමය එකඟතාව පලකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

මෙම වැඩපිළිවෙළට තමන් සහාය දැක්වුවත් ජූලි පළමුවනදා සිට මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට බස් රථ රියදුරන්ට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බවයි සභාපතිවරයා සඳහන් කළේ.

පැරණි බස් රථවලට මෙම ආසන පටි පැමිණ නොමැති බවත් එම බස් රථවලට ඒවා සවි කර ගැනීමට කාලයක් අත්‍යාවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

අද (29) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

ලංගම බස් රථ සඳහා නොමිලේ ආසන පටි සවි කරන්නේ නම්, පෞද්ගලික අංශයට ද සහනදායී වැඩපිළිවෙලක් යටතේ ආසන පටි ලබාදීමට රජයේ කටයුතු කළ යුතු බවයි සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

එමෙන්ම ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බස් රටවල ආසන පටිය හරියාකාරව ක්‍රියාත්මක නොවන බවත් ඔහු මෙහිදී පැවසුවා.

බස් රථ රියදුන්රන්ට ආසන පටි පැළඳීමේ නීතිය අනිද්දා (01) සිට ක්‍රියාත්මක කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන සභාව දැනුම් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21