ආසන පටි නොපැළඳීම ගැන බ්‍රිතාන්‍ය අගමැති සමාව ඉල්ලයි

සමාජ මාධ්‍ය වීඩියෝවක් රූගත කරමින්, ආසන පටි නොමැතිව, මෝටර් රථයක ගමන් කිරීම සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය රිෂී සුනාක් එරට ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

තමන් ආසන පටි නොපැලඳ මෝටර් රථයේ ගියේ කෙටි දුරක් වුවත්, එය තමන් අතින් වූ වරදක් වන අතර ඒ පිළිබඳ තමන් දැඩි ලෙස කනගාටු වෙමින් සමාව ඉල්ලා සිටින බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අග්‍රාමාත්‍ය සුනාක් මෝටර් රථයේ ගමන් කරමින්, සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට මිනිත්තුවක වීඩියොවක් රූගත කළේ ඔහුගේ නව ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින්.

රියදුරා මෝටර් රථය පදවමින් යද්දී, පසුපස අසුනේ අසුන් ගත් අග්‍රාමාත්‍ය සුනාක් ආසන පටිය ඉවත් කරමින් එම වීඩියෝවට පෙනී සිටින ආකාරය දැක්වෙනවා.

වීඩියෝව නැරැඹූ බොහෝ දෙනා දොස් නගා ඇත්තේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කලින් අග්‍රාමාත්‍යවරයා නීති ගරුක විය යුතු බවයි.

ආසන පටි පැලඳ නොසිටීම වරදක් බව පෙන්වා දෙමින් වීඩියෝව නැරඹු බොහෝ දෙනකු දෝෂාරෝපණය කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ආසන පටි නොපැළඳ ගමන් කිරීමේ වරදට ස්ටර්ලිං පවුම් 100 සිට 500 කට නොවැඩි දඩයක් නියම කිරීමේ හැකියාව පවතිනවා.

ආසන පටි නොපැලඳ යා හැක්කේ රෝගී තත්ත්වයක් ඇති විට වෛද්‍ය නිර්දේශ අනුව පමණයි.

අග්‍රාමාත්‍ය රිෂී සුනාක් එම වීඩියෝවට පෙනී සිට ඇත්තේ, රජයේ නව ප්‍රතිපත්ති යටතේ, ක්‍රියාත්මක කිරීමට නියමිත විවිධ ව්‍යාපෘති 10ක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින්.

එම අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයාගේ මෝටර් රථය ගමන් කර ඇත්තේ පොලිස් යතුරු පැදි ආරක්ෂාව ද සහිතවයි.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය රිෂි සුනාක් ආසන පටි නොපැළඳ ගමන් කිරීම මේවන විට ලැන්කෂයර් පොලිසියේ අවධානයට ද යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ආසන පටි පැළඳ නොසිටින රියදුරන්ට දඬුවම් ලකුණු ලැබෙන බව සහතික කිරීම සඳහා නීති දැඩි කිරීමට බ්‍රිතාන්‍ය රජය මේ වනවිට සලකා බලමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බදුල්ලේ පොඩ්ඩෝ හරි අපූරුවට නත්තල සමරපු හැටි
01:28
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40


?