ආසන පටි නොපැළඳීම ගැන බ්‍රිතාන්‍ය අගමැති සමාව ඉල්ලයි

සමාජ මාධ්‍ය වීඩියෝවක් රූගත කරමින්, ආසන පටි නොමැතිව, මෝටර් රථයක ගමන් කිරීම සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය රිෂී සුනාක් එරට ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

තමන් ආසන පටි නොපැලඳ මෝටර් රථයේ ගියේ කෙටි දුරක් වුවත්, එය තමන් අතින් වූ වරදක් වන අතර ඒ පිළිබඳ තමන් දැඩි ලෙස කනගාටු වෙමින් සමාව ඉල්ලා සිටින බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අග්‍රාමාත්‍ය සුනාක් මෝටර් රථයේ ගමන් කරමින්, සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට මිනිත්තුවක වීඩියොවක් රූගත කළේ ඔහුගේ නව ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින්.

රියදුරා මෝටර් රථය පදවමින් යද්දී, පසුපස අසුනේ අසුන් ගත් අග්‍රාමාත්‍ය සුනාක් ආසන පටිය ඉවත් කරමින් එම වීඩියෝවට පෙනී සිටින ආකාරය දැක්වෙනවා.

වීඩියෝව නැරැඹූ බොහෝ දෙනා දොස් නගා ඇත්තේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කලින් අග්‍රාමාත්‍යවරයා නීති ගරුක විය යුතු බවයි.

ආසන පටි පැලඳ නොසිටීම වරදක් බව පෙන්වා දෙමින් වීඩියෝව නැරඹු බොහෝ දෙනකු දෝෂාරෝපණය කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ආසන පටි නොපැළඳ ගමන් කිරීමේ වරදට ස්ටර්ලිං පවුම් 100 සිට 500 කට නොවැඩි දඩයක් නියම කිරීමේ හැකියාව පවතිනවා.

ආසන පටි නොපැලඳ යා හැක්කේ රෝගී තත්ත්වයක් ඇති විට වෛද්‍ය නිර්දේශ අනුව පමණයි.

අග්‍රාමාත්‍ය රිෂී සුනාක් එම වීඩියෝවට පෙනී සිට ඇත්තේ, රජයේ නව ප්‍රතිපත්ති යටතේ, ක්‍රියාත්මක කිරීමට නියමිත විවිධ ව්‍යාපෘති 10ක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින්.

එම අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයාගේ මෝටර් රථය ගමන් කර ඇත්තේ පොලිස් යතුරු පැදි ආරක්ෂාව ද සහිතවයි.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය රිෂි සුනාක් ආසන පටි නොපැළඳ ගමන් කිරීම මේවන විට ලැන්කෂයර් පොලිසියේ අවධානයට ද යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ආසන පටි පැළඳ නොසිටින රියදුරන්ට දඬුවම් ලකුණු ලැබෙන බව සහතික කිරීම සඳහා නීති දැඩි කිරීමට බ්‍රිතාන්‍ය රජය මේ වනවිට සලකා බලමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02
Video thumbnail
CCTV වීඩියෝවෙන් ලියවුණු පොඩි පුතාගේ අඳුරු අනාගතය - හෙට මේ දරුවා කොහේ නවතියිද ?
02:51