ආර්ථික සංවර්ධනයට දායක වී මව්බිමට සම්පතක්වන්න – අගමැති විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලයි

තම වෘත්තීය අත්දැකීම් බෙදාහදා ගනිමින් සහ ඒ ඒ ක්ෂේත්‍රවල නිර්මාණය කර ඇති නව්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් මාතෘ භූමියේ වත්මන් ආර්ථික ගමනට සම්බන්ධවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

බීජිං හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ඊයේ (25) චීනයේ ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කෘත්‍රිම බුද්ධිය, තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල්කරණය වැනි ක්ෂේත්‍රවල විදේශගත ශ්‍රී ලාංකිකයන් ළඟාකර ගත් ඉහළ වෘත්තීය ප්‍රමිතීන් පිළිබඳව තමා මවිතයට පත් වූ බව යි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා,
“අපි විවිධ අගනගරවල සහ නගරවල සංචාරය කරන විට, අපට හමුවන්නේ කිහිප දෙනෙක් පමණයි. එහෙත් ශ්‍රී ලංකාවේ, විදේශගත ඉදිරි ගමනට දායක විය හැකි රටවැසියන් හැකිතාක් හමුවීම අප මුහුණ දෙන නව අභියෝගයක්. අපි හැමෝම ශ්‍රි ලාංකිකයෝ. චීනයේ දී මා දුටු ජ්‍යෙෂ්ඨතම පුද්ගලයෙක් අඩසියවසකට පමණ පෙර ඔවුන් චීනයට පැමිණි ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා චීන සංගමයේ දේශන පවත්වද්දී මම අසා සිටියා. ඔහුගේ මුළු ජීවිතයම චීනයට පමණක් නොව, ශ්‍රී ලංකාවට මෙන්ම මානව ඉතිහාසයට ද සටහන් කර තැබිය යුතු කතාවක් බව මම හිතනවා.
චීනය අද ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකයයි. ඇයි මම මානව ඉතිහාසයට කියා කිව්වේ මීට අවුරුදු 50කට කලින් තත්ත්වය එහෙම නෙවෙයි. සැලසුම්කරුවන්, පර්යේෂකයන්, ආර්ථික විද්‍යාඥයන් ලෝකය වෙනස් වේ යැයි කිසි දා සිතුවේ නැහැ. ලෝකයේ පතාක යෝධයකු බවට වෙනස් කර ඉදිරියට ගෙන යමින් ලෝක කටයුතුවලට බලපෑම් කිරීමට චීනය සමත් වී තිබෙනවා. එබැවින් චීනයේ සහ අපගේ සබඳතාව වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු අපේ රජයට මෙය වැදගත් අවස්ථාවක්.
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා හැටියට ඔබ සියලු දෙනා හමුවීම ගැන මම ආඩම්බර වෙනවා. විශේෂයෙන්ම ඔබ සියලු දෙනා පර්යේෂණ කරනවා, ව්‍යාපාර කරනවා, විවිධ ව්‍යාපෘති හසුරුවනවා, කියා කියනවා. නමුත් එය අපේ රටවැසියන් මුහුණ දෙන අභියෝගයක්. ශ්‍රී ලංකාව ද චීන ආර්ථිකය සමඟ බොහෝ පැතිවලින් සම්බන්ධ වී තිබෙනවා. ආනයන අපනයන, පර්යේෂණ, හෝ සේවාවලදී හා තීරණ ගැනීමේ දී, ආර්ථික කළමනාකරණය, ශාස්ත්‍රීය කටයුතු, වැනි ක්ෂේත්‍ර අලුතින් විවෘත වෙනවා.
අපි ඔබ සියලු දෙනා පිළිබඳ බලාපොරොත්තු තබනවා, ඔබ සියලු දෙනා අපේ තානාපතිවරුන්. මේ ජාලය වේගයෙන් ඉදිරියට යා යුතුයි. විවිධ වේදිකාවන් අප අත්පත් කර ගනිමින් සිටිනවා. තොරතුරු තාක්ෂණ අංශය වැදගත් භූමිකාවක් ඉටු කරන හෙයින් අප වේගයෙන් ගමන් කළ යුතු යි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සහයෝගීතාවයට, ආයෝජනයට සහ රාජ්‍යට පමණක් සීමා වූ නව සංවර්ධන ක්ෂේත්‍රවලට බාධා කරන රෙගුලාසි දිගින් දිගටම ළිහිල් කරමින් සිටිනවා.
වර්තමානයේ අපේ රට ඉදිරියට ගෙන යාමට ආරක්ෂක අංශ හැර අනෙක් අංශවල රෙගුලාසි ළිහිල් කරමින් සිටිනවා. නව සන්නිවේදන ක්ෂේත්‍රයන් වෙත රට ගෙන යන ලෙස ඔබට ආරාධනා කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.චීනය අනෙක් රටවලට වඩා වේගයෙන් ඉදිරියට ගිය ආකාරය ඉගෙන ගත යුතු පාඩමක්. මන්ද, මේ සියවස ආසියාව සඳහා වන බැවින් අපි සියලු දෙනා ආසියාවේ ජාතීන් ලෙස මානව වර්ගයාගේ ප්‍රගතිය සඳහා දායක විය යුතුයි.
ඇතැම්විට ඔබ බොහෝ දෙනෙක් වසර ගණනාවක් චීනයේ පදිංචි වී සිටිනවා. පර්යේෂණ වැදගත්. ශ්‍රී ලංකාවේ සිට බොහෝ තැන්වලින් විශ්ව විද්‍යාලවලට ඉගෙනීමට පැමිණෙන සියලු දෙනාම මාතෘ භූමිය වෙනුවෙන් ආපසු යමක් කිරීමට බැඳී සිටිනවා. එයයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවෙන් සහයෝගීතාවයේ නව ක්ෂේත්‍ර හඹායමින් චීනයේ නව ක්ෂේත්‍රයන් ගවේෂණය කරන්න. චීනය තවදුරටත් වර්ධනය වනු ඇත. ඒයට අපි හැමෝම එකඟ වෙනවා. ඔවුන් යෝධ ජාතියක් ලෙස වර්ධනය වනු ඇත. කොළඹ, වරාය නගර සංවර්ධනයේදී චීනය සමග අපට ඉතා විශේෂ සබඳතාවක් තිබෙනවා.
අපි සැලසුම් කර ඇති පරිදි මෙම ව්‍යාපෘති ඉදිරියට ගියහොත් එය සිංගප්පූරුවෙන් පසු සමස්ත සමුද්‍ර හා ගල්ෆ් රාජ්‍යයන් වෙත අපව ගෙන යා හැකි ආයෝජනයක්. එලෙස වැදගත් වන දෙවන චින ආයෝජනය වන්නේ සංවර්ධනය කළ හම්බන්තොට වරායයි. හම්බන්තොට ගැන බොහෝ තර්ක විතර්ක තිබුණා. නමුත් එම වචනයෙන් ම පැවසෙන පරිදි සියවස් ගණනාවක් ඈත සිට පැවති වරායක්. හම්බන්තොට සාර්ථකත්වයට පත් කිරීම සඳහා චීනයේ සහයෝගය සහ අනෙකුත් රටවල සහාය ඇතිව ඉදිරියට යන විට ඉදිරි දශක කිහිපය තුළ හම්බන්තොට ප්‍රධාන වරායක් වනු ඇති. අනෙක් අතට කොළඹ වරාය වසර 500 ක් පුරා පැවතුණා. නමුත් එය ප්‍රධාන වරායක් ලෙස සංවර්ධනය වුණේ පසුගිය වසර 50ක 60ක කාලය තුළයි. ඒ නිසා වරායක් නාවික සහ අනෙකුත් නව සංවර්ධන ක්ෂේත්‍ර සමඟ, සංවර්ධනය කිරීමට විශාල කාලයක් ගත වෙනවා.
එබැවින් අපි අභියෝගය භාරගෙන, හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගර සංවර්ධනය ස්ථාපිත කර තිබෙන අතර, ඒ සඳහා චීනය මෑත කාලයේ පෙර නොවූ විරූ ලෙස ඉතා ප්‍රබල සහයෝගයක් ලබා දී තිබෙනවා. රාජ්‍ය, පෞද්ගලික අංශයේ සහ අනෙකුත් සියලුම අංශත් විදේශ ආයෝජන පවා ජාත්‍යන්තර වෙළඳාමේ මෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට කටයුතු කළ යුතුයි. විශ්ව විද්‍යාලවල හෝ පර්යේෂණ වැඩසටහන්වල හෝ ව්‍යාපාරික කවයේ වේවා, ඔබ අද වැඩ කරන ක්ෂේත්‍රයේ ඉදිරියට ගොස් වඩා ශක්තිමත්ව වගකීම් දරන්න.
ඒ වගේම, රජයක් ලෙස, අප අලුතින් ආරම්භ කර ඇති වැඩසටහන් මගින් ලොව පුරා සිටින අපගේ පුරවැසියන් සමඟ වේගවත් ප්‍රතිඵල ගෙන ඒමට හැකි වේ යැයි අප බලාපොරොත්තු වෙනවා. අද සංචාරක කර්මාන්තය තුළ චීනය වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. අතිරික්ත ආදායමක් ඇති විට, මිනිසුන් සංචාරය කිරීමට කැමතියි. විවේක ගැනීමට කැමති මිනිසුන් ලොව පුරා සිටිනවා. චීන සංචාරකයන් අද බොහෝ රටවල් හරහා ලෝකය වටා ගමන් කරනවා, ශ්‍රී ලංකාව, චීන සංචාරකයින්ට පැමිණීමට වැදගත් ස්ථානයක් විය යුතුයි. චීනයේ සිටින ඔබ, තරුණ පරම්පරාවක් ලෙස විශ්ව විද්‍යාලයේදී ඔබේ රට ගැන කතා කරන්න, සැමට ආරාධනා කරන්න, යම් ප්‍රතිශතයක් සහභාගී වනු ඇති. ආයෝජකයන්, ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙමින් පවතින කේන්ද්‍රස්ථානය වෙත, ව්‍යාපාරික කවයන් මෙම නව සංවර්ධනය පිළිබඳ අපේක්ෂාවෙන් පසු වෙනු ඇති. අප ඉදිරියට ගෙන යා යුතු මේ මහා අභියෝගයට නැවත වරක් ඔබ සැමට ආරාධනා කරනවා. එය අපේ මාතෘභූමිය වෙනුවෙන් වන අභියෝගයක්. අපි ඉදිරියට යා යුතුයි, අපි තවම ආරම්භ නොකළ නව ක්ෂේත්‍රවල ප්‍රගතියක් ඇති කරගත යුතුයි. ආයෝජකයන්ට පැමිණ ප්‍රගතියක් ලැබිය හැකි නව දොරටු විවෘත කිරීමට අපට හැකි වනු ඇති බව ඔබ බොහෝ දෙනා එකඟ වනු ඇති. අද මුළු රටම අප සමඟ එක්වන මෙම වැදගත් අභියෝගය සඳහා මම ඔබ සැමට ආරාධනා කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?