AFC Banner
AFC Banner
Empty Ad

ආරවුලක් දුරදිග යාමෙන් මනුෂ්‍ය ඝාතනයක්

කෙසෙල්වත්ත පොලිස් වසමේ පීර්සයිබු වීදිය ප්‍රදේශයේදී ඊයේ (04) දින සිදුකළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව වාර්තා වනවා.

මරණකරු වයස අවුරුදු 23ක් වූ කුරුණියාවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි කෙසෙල්වත්ත පොලිසිය පවසන්නේ.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව සඳහන්.

ඝාතනයට සම්බන්ධ සැකකරු වයස අවුරුදු 38ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

මේ වන විට සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?