ආයතන 12ක් මෝදිට දීමට මෛත්‍රි – රනිල් ගිවිසුම් ගහලා

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මෙරට ආර්ථික මර්මස්ථාන 12ක් ඉන්දියාවට විකිණීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබූ බව පෙරේදා (01 වැනිදා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනාවරණය වූ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේය.

එල්.එන්.ජී මෙගාවොට් 300ක ගෑස් බලාගාරය, එල්.එන්.ජී.ටර්මිනල්,එල්.එන්.ජී.ගෑස් ලේන්, ගල් අඟුරු බලාගාරය, මත්තල ගුවන් තොටුපොළ ඇතුළු ආයතන 12ක් ඉන්දියාවට ලබාදීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙන බවද ඇමැතිවරයා කීවේය.

එමෙන්ම හිටපු වරාය ඇමැති සාගල රත්නායක ඉන්දියාව සමග නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සම්බන්ධව අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබූ බවත්, මෙරට මුදල් ආයෝජනය කර නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?