ආබාධ සහිත පුද්ගලයින්ගේ සාහිත්‍ය සම්මාන උලෙළ අතිසාර්ථකව පැවැත්වෙයි

උපතින් ම ආබාධ සහිත පුද්ගලයින්ගේ කලා සහ සාහිත්‍ය සම්මාන උලෙළ ඊයේ (18) පැවැත්වුණා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ දියි.

ආබාධ සහිත ප්‍රජාවගේ නිර්මාණාත්මක කුසලතා ඔප්නැංවීම අරමුණු කරගනිමින් පවත්වන ලද ජාතික සාහිත්‍ය සහ කලා තරගාවලියේ සාහිත්‍ය අංශයේ සම්මාන ප්‍රදානෝත්සවය යටතේ පද්‍යරචනා, කෙටිකතා, ස්වයං චරිතාපදාන, ගීත නිර්මාණ හා ඡායාරූප යන තරග අංශ සඳහා සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානය කෙරුණා.

ඒ අනුව, පද්‍ය රචනා සිංහල මාධ්‍ය ප්‍රථම ස්ථානය; එස්. පී.ජී. සඳුනි නිසංසලා ජයවර්ධන, පද්‍ය රචනා දෙමළ මාධ්‍ය ප්‍රථම ස්ථානය, සෙල්වරෙතිනම් මාණික්‍යකරසි, කෙටිකතා සිංහල මාධ්‍ය ප්‍රථම ස්ථානය, සුනිලා රත්නායක, කෙටිකතා දෙමළ මාධ්‍ය ප්‍රථම ස්ථානය; කලයියාරාසන් ඈන් අනීතා, ස්වයංචරිතාපදාන සිංහල මාධ්‍ය ප්‍රථම ස්ථානය – ජී. ඒ. නාදිශිකා මධුෂානි, ස්වයංචරිතාපදාන දෙමළ මාධ්‍ය ප්‍රථම ස්ථානය – සුරේෂ් කුමාර් දිලෝජිනි, ඡායාරූප ප්‍රථම ස්ථානය – ඒ.ඒ. ඩී. චිරන්ත හෂාන් අමරසිංහ, ගීත නිර්මාණ සිංහල ප්‍රථම ස්ථානය – යු. ආර්. ජයසුන්දර බණ්ඩාර සහ ගීත නිර්මාණ දෙමළ ප්‍රථම ස්ථානය – සිවකුමාර් මතුමිතා යන තරගකරුවන් විසින් දිනාගනු ලැබුවා.

මෙරට ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සංස්කෘතික කලා රසවින්දනය වෙනුවෙන් ලැබිය යුතු අවස්ථා පුළුල් කිරීම වෙනුවෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ආබාධ සහිත ප්‍රජාවගේ සංස්කෘතික අයිතිවාසිකම් ප්‍රවර්ධන කාර්යාංශය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ඒ. එම්. පී. එම්. බී. අතපත්තු, අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, සංස්කෘතික ප්‍රවර්ධන අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් රණසිංහ ඇතුළු මහත්වරුන් එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?