ආබාධයකට ලක් වූ චන්දිමාල් ගැන එංගලන්තයෙන් ආරංචියක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.

තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වන අතර, ජයග්‍රහණය සඳහා ලකුණු 219ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු 09ක් අතැතිව ලකුණු 125ක් පසුපසින් සිටිනවා.

මේ අතර තරගයේ තුන්වන දිනය වූ ඊයේ (08) දිනයේ ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ට ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වීමට සිදුවුණා.

ළහිරු කුමාර යොමුකළ පන්දුවක් කඩුල්ල පිටුපස සිට රැකගැනීමට යාමේ දී ඔහු ආබාධයකට ලක්වූ අතර, කොන්දේ කිසියම් වේදනාවකින් ඔහු පෙලුනු ආකාරයයි දැකගත හැකි වුණේ.

ඒ, අනුව කඩුලු රැකීමේ වගකීම නිශාන් මධුෂ්ක වෙත පැවරුණා.

මේ අතර දිනේෂ් චන්දිමාල් අවශ්‍ය නම් ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී පිතිකරණයේ යෙදෙනු ඇති බවයි එංගලන්තයෙන් තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
4
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?