ආබාධයකට ලක් වූ චන්දිමාල් ගැන එංගලන්තයෙන් ආරංචියක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.

තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වන අතර, ජයග්‍රහණය සඳහා ලකුණු 219ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු 09ක් අතැතිව ලකුණු 125ක් පසුපසින් සිටිනවා.

මේ අතර තරගයේ තුන්වන දිනය වූ ඊයේ (08) දිනයේ ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ට ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වීමට සිදුවුණා.

ළහිරු කුමාර යොමුකළ පන්දුවක් කඩුල්ල පිටුපස සිට රැකගැනීමට යාමේ දී ඔහු ආබාධයකට ලක්වූ අතර, කොන්දේ කිසියම් වේදනාවකින් ඔහු පෙලුනු ආකාරයයි දැකගත හැකි වුණේ.

ඒ, අනුව කඩුලු රැකීමේ වගකීම නිශාන් මධුෂ්ක වෙත පැවරුණා.

මේ අතර දිනේෂ් චන්දිමාල් අවශ්‍ය නම් ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී පිතිකරණයේ යෙදෙනු ඇති බවයි එංගලන්තයෙන් තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51