ආපන ශාලා හිමියන් කිරි තේ විකිණීම නතර කරයි

කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් කිරි තේ අලෙවියෙන් ඉවත් වීමට ආපන ශාලා හිමියන් තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති අසේල සම්පත්
පවසනවා.

හෝටලයක ප්‍රධාන ආදායම් මාර්ගය කිරි තේ අලෙවිය වන බව පැවසූ ආපනා ශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා, කිරි තේ අලෙවි කරන මිල ඉහළ දැමීම පාරිභෝගිකයින්ට දැරිය නොහැකි බවද කියා සිටියා.

කිරි පිටි හිඟය මෙන්ම සේවකයින්ට වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් ද ගැටලු රැසක් පසුගිය කාලවකවානුවේ සිට ම පැවතීම හේතුවෙන් බොහෝ ආපනාශාලා කිරි තේ අලෙවියෙන් ඉවත්ව සිටි බවයි ඔහු සඳහන් කර සිටියේ.

යම් හෙයකින් කිරි තේ අවශ්‍ය බවට පාරිභෝගිකයෙකු ඉල්ලා සිටියහොත් එය අදාළ හෝටලයෙන් ලබාදෙනු ඇති අතර එහි මිල නියම කිරීම හිමිකරුගේ තීරණයක් වනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

“කිරි තේ හදන එකෙන් අපි ඉවත් වෙනවා. රු.30ට තිබ්බ කිරි තේ එක තමයි කිරි පිටි මිල ඉහළ යාමෙන් රු. 60 – 70ට ගියේ. කිරි තේ එක තමා හෝටලයක ප්‍රධාන ආදායම් මාර්ගය. රැකියාවලට යන අය රෝහල්වලට යන අය සියලු දෙනා උදේ කිරි තේ එක ගන්න එනවා. කිරි තේ සහ ප්ලේන් ටී තමයි හෝටලයක ප්‍රධාන ආදායම් මාර්ගය. කිරි තේ අලෙවිය 60%කින් පහළ ගියා කිරි පිටි හිඟය නිසා. තේ හදන අයට පඩි ගෙවීමේ ප්‍රශ්න තියනවා. හදන්නත් අවශ්‍ය ද්‍රව්‍ය තියෙන්න එපායැ. අනික මේ කොරෝනා ප්‍රශ්න නිසා අපි තේ දෙන්නේ ප්ලාස්ටික් කෝප්පවලට. ඒවා රු. 5ක් වෙනවා. අවශ්‍ය ම කෙනෙක් ඉන්නවා නම් කිරි තේ ලබාදෙනවා. ඒකෙ මිල තීරණය කිරීමේ අයිතිය හෝටලයේ අයිතිකරුට හිමි වෙනවා. කිරි තේ අලෙවියෙන් ඉවත් වෙලා අපි විරෝධය පානවා. එතකොට යම් සහනයක් ලැබෙයි ද බලනවා.” ආපනා ශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආපදාවට පත්වූවන් කබලෙන් ළිපට වැ#ලා..ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්ණවලට ඇහුම්කන් දෙන සජිත්
03:52
Video thumbnail
නෞකාවලට ග#නවා කියලා ඉන්දියාව දැනගෙන ඉදලා ? විමල් සියල්ල හෙළිකරයි..සත පහකට විශ්වාස කරන්න බෑ
04:18
Video thumbnail
අසේලගෙන් පාරිභෝගික අධිකාරියට සැර සත්තමක්..දැන් කෝමා වෙලාද?මොන මල කරදරයක්ද ?
04:20
Video thumbnail
පාලකයෝ ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ..හැමෝගෙම ඇස් උඩ යවපු අපේ ලංකන් කොල්ලා
05:19
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway ඒකේ පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33
Video thumbnail
"පිටි පස්සෙන් ඇවිත් නිවට ආකාරයෙන් නැව විනාශ කිරීම මහ දුර්ජන වැඩක්" වාසුදේවගෙන් අමෙරිකාවට චෝදනා
03:54
Video thumbnail
ශම්මි එලවන්න ආ සෙට් එකෙන් රාජාංගනයේ හාමුදුරුවන්ට සැර කින්ඩියක්..බුරියානි දීලා මිනිස්සු ගෙන්නන්නේ නෑ
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44