AFC Banner
Empty Ad
Empty Ad

ආනයනික සිමෙන්තිවල සෙස් බද්දේ වෙනසක්

ආනයනික සිමෙන්ති සඳහා වන සෙස් බද්ද අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑමයක් සඳහා වන සෙස් බද්ද රුපියලකින් අඩුකර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ, අනුව කෘතිම ලෙස වර්ණ ගැන් වූ හෝ නොගැන් වූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 05ක් ව පැවති සෙස් බද්ද රුපියල් 04ක් දක්වා අඩුකර තිබෙනවා.

එමෙන්ම කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වලින් ආනයනය කරනු ලබන සිමෙන්ති සඳහා රුපියල් 08ක්ව පැවති සෙස් බද්ද රුපියල් 07ක් දක්වා අඩුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?