ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් එකඟතාව පළකර තිබෙනවා.
ඒ කිරි පිටි ආනයනකරුවන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය වෙත අද (14) කැඳවා සිදුකළ සාකච්ඡාවකින් අනතුරුවයි.
ලෝක වෙළෙඳපළේ කිරිපිටි මිල පහළයාම සැලකිල්ලට ගනිමින් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් කිරිපිටි මිල අඩු කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යවරයා කිරිපිටි ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක් කළ අතර ඒ සඳහා කිරිපිටි ආනයනකරුවන් මෙලෙස එකඟතාව පළ කරන තිබෙනවා.
ඒ අනුව අනිද්දා (16) සිට ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 125 කින් අඩු කෙරෙන අතර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50 කින් අඩු කෙරෙනවා.
එමෙන්ම අප්‍රේල් මාසයේදී ද යළි කිරිපිටි මිල අඩු කිරීමට ද අපේක්‍ෂා කෙරෙනවා.



