AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩුව මත්තල ගුවන් තොටුපොළ විකිණීමට කටයුතු සකසා අවසන් – උදයංග වීරතුංග

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුද්ගලික සමාගමකට විකිණීමේ කටයුතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව මේ වනවිටත් සකසා අවසන් බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසනවා.

මාධ්‍ය වෙත අද (27) අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මේ බව පැවසුවා.

මේ වෙනුවෙන් සිදුකෙරෙන මැනුම් කටයුතු අද දිනයේ දී සිදුකරන බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

එම මැනීම් කටයුතු සිදුකර හෙක්ටෙයාර් 700ක භූමි ප්‍රමාණයක් අදාළ සමාගමට ලබාදීමට ද කටයුතු කරන බව ඔහු මෙහිදී අනාවරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?