නව සමසමාජ පක්ෂයේ නායකයා අභාවප්‍රාප්ත වෙයි

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා (81) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (25) අලුයම ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 81 වැනි වියෙහි පසුවුණා.

වාමාංශික දේශපාලන නායකයෙකු වූ වික්‍රමබාහු කරුණාරත්න මහතා යනු මෙරට කම්කරු ජනතාව වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක නිරත වූ අයෙක්.

වර්ෂ 1962 දී කොළඹ ඉංජිනේරු පීඨයටත් පසුව අවසන් වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයටත් මාරු වෙමින් අධ්‍යාපන කටයුතු හමාර කළ මෙම විශිෂ්ටයා 1967 වර්ෂයේ දී සිය ආචාර්‍යය උපාධිය වෙනුවෙන් බ්‍රිතාන්‍යය බලා පිටත් ව ගියා.

එහිදී වික්‍රමබාහු කරුණාරත්න බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විදුලි ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ ව ආචාර්ය උපාධිධාරියෙක් ලෙස සිය අධ්‍යාපනික විශිෂ්ටත්වය ලබා ගැනීමට කටයුතු කළා.

ලෝකයේ විශිෂ්ට විද්‍යාඥයෙකු ලෙස සැලකෙන ස්ටීවන් හෝකින්ස්ගේ සමකාලීන මිත්‍රයෙකු වන ආචාර්‍ය වික්‍රමබාහු මහතා සිය ආචාර්‍යය උපාධිය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වර්ෂ 1978 දී පැමිණිය ද එවක පැවති වියවුල් දේශපාලනික පසුබිම මත ඒ මහතාට සිය ධුරය අහිමි වුණා.

ඉන් පසුව ඔහු වසර 40ක කාලයක් පූර්ණ කාලීනව වාමාංශික දේශපාලනයේ නිරත වූ අතර; ඉඩ ලැබෙන සැණෙකින් පර්‍යේෂණ ද සිදු කෙරීය.

කෙසේවෙතත් ඔහුට අවුරුදු 70 ඉක්ම ගිය පසුව යළිත් හෙතෙම හිඟ වැටුප් සහිත ව මහාචාර්ය ධුරයේ පිහිටවීම එවක රජයෙන් සිදු කෙරුණු අතර; ඒ වනවිට හෙතෙම මහාචාර්‍යය තනතුරට පවා පත් ව විශ්‍රාම ගොස් අවසන් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?