නව සමසමාජ පක්ෂයේ නායකයා අභාවප්‍රාප්ත වෙයි

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා (81) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (25) අලුයම ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 81 වැනි වියෙහි පසුවුණා.

වාමාංශික දේශපාලන නායකයෙකු වූ වික්‍රමබාහු කරුණාරත්න මහතා යනු මෙරට කම්කරු ජනතාව වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක නිරත වූ අයෙක්.

වර්ෂ 1962 දී කොළඹ ඉංජිනේරු පීඨයටත් පසුව අවසන් වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයටත් මාරු වෙමින් අධ්‍යාපන කටයුතු හමාර කළ මෙම විශිෂ්ටයා 1967 වර්ෂයේ දී සිය ආචාර්‍යය උපාධිය වෙනුවෙන් බ්‍රිතාන්‍යය බලා පිටත් ව ගියා.

එහිදී වික්‍රමබාහු කරුණාරත්න බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විදුලි ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ ව ආචාර්ය උපාධිධාරියෙක් ලෙස සිය අධ්‍යාපනික විශිෂ්ටත්වය ලබා ගැනීමට කටයුතු කළා.

ලෝකයේ විශිෂ්ට විද්‍යාඥයෙකු ලෙස සැලකෙන ස්ටීවන් හෝකින්ස්ගේ සමකාලීන මිත්‍රයෙකු වන ආචාර්‍ය වික්‍රමබාහු මහතා සිය ආචාර්‍යය උපාධිය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වර්ෂ 1978 දී පැමිණිය ද එවක පැවති වියවුල් දේශපාලනික පසුබිම මත ඒ මහතාට සිය ධුරය අහිමි වුණා.

ඉන් පසුව ඔහු වසර 40ක කාලයක් පූර්ණ කාලීනව වාමාංශික දේශපාලනයේ නිරත වූ අතර; ඉඩ ලැබෙන සැණෙකින් පර්‍යේෂණ ද සිදු කෙරීය.

කෙසේවෙතත් ඔහුට අවුරුදු 70 ඉක්ම ගිය පසුව යළිත් හෙතෙම හිඟ වැටුප් සහිත ව මහාචාර්ය ධුරයේ පිහිටවීම එවක රජයෙන් සිදු කෙරුණු අතර; ඒ වනවිට හෙතෙම මහාචාර්‍යය තනතුරට පවා පත් ව විශ්‍රාම ගොස් අවසන් ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43