Empty Ad
AFC Banner
Empty Ad

ආගමන විගමන පාලකවරයාගේ ඇප ඉල්ලීම දින නියමයක් නොමැති ව කල් යයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය දිනයක් නොමැතිව කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

හර්ෂ ඉලූක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

කෙසේ වෙතත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට අදාළ විභාගය ලබන මැයි මස 08 වනදා සිදු කරන බවත් විනිසුරු මඬුල්ල විසින් දින නියම කරනු ලැබුවා.

ඉකුත් රජය සමයේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තීරණයට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හර්ෂ ඉලුක්පිටිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?