අළුබඳුන තරගාවලියේ තීරණාත්මක තරගයෙන් එංගලන්තයට තියුණු ජයක්

අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් කඩුලු තුනක තියුණු ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායමට අද (09) හැකියාව ලැබුණා.

තරගාවලි ජයග්‍රහණය වෙනුවෙන් බලාපොරොත්තු තබාගැනීමට නම් තීරණාත්මක මෙම තරගය ජයගැනීම එංගලන්ත කණ්ඩායමට අනිවාර්ය වුණා.

කෙසේ වෙතත් අද තරගය ජය ගැනීමට ඕස්ට්‍රේලියාවට හැකියාව ලැබුණේ නම් මෙවර අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවට හිමිකම් කීමට ඔවුන්ට අවස්ථාව උදාවනවා.

ලීඩ්ස් හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 263ක් රැස් කිරීමට සමත් වුණා.

ඊට පිළිතරු වශයෙන් එංගලන්තයට සිය පළමු ඉනිම සඳහා රැස්කර ගත හැකි වූයේ ලකුණු 237ක් පමණයි.

ඒ, අනුව ලකුණු 26ක වාසියක් සමඟින් දෙවන ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියාව ලකුණු 224ක් රැස් කළේ එංගලන්තයට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 251ක ඉලක්කයක් ලබා දෙමින්.

අදාළ ඉලක්කය කඩුලු 07ක් පමණක් දැවී එංගලන්ත පිළට අද දිනයේ එම ඉලක්කය පසුකර යමින් එංගලන්තයට තීරණාත්මකව තිබූ මෙම තරගය ජය ගත්තා.

තරග පහකින් සමන්විත අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මේ වනවිට ඕස්ට්‍රේලියාව තරග දෙකක් සහ එංගලන්තය එක් තරගයක් ජයගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44