අහුංගල්ලේ බබාගේ පියාට වෙඩි තැබූ සිද්ධියට තවත් අයෙක් අල්ලයි

පසුගිය 08 වනදා රාත්‍රියේ අහුංගල්ල පොලිස් වසමේ බෝපිටිය, ලෝකන්වත්ත ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොස්ගොඩ පොලිස් වසමේ අකාඩේගොඩ, මහඉදුරුව ප්‍රදේශයේ ඊයේ (27) සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහඉදුරුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ක පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මේ අතර මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවෙක් බෙන්තර, කහබිලියාකන්ද ප්‍රදේශයේ දී පෙරේදා (26) කොස්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 36ක නිල්ලතන ප්‍රදේශයේ පදිංචිකරුවක්.

මේ අතර මෙම වෙඩිතැබීම සඳහා වෙඩික්කරුවන් දෙදෙනා පැමිණි යතුරුපැදිය කොස්ගොඩ, බාන්වැල්දූව, සුදුවැලිපොත ප්‍රදේශයේ කුරුදු ඉඩමක ගිනි තබා තිබිය දී පොලිසිය විසින් සොයාගනු ලැබුවේ වෙඩිතැබීම සිදුකර දින දෙකකට පසුවයි.

පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කොස්ගොඩ සුජීගේ පාර්ශ්වයෙන් මෙය සිදුකර ඇති බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.

මෙම වෙඩි තැබීමෙන් තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අහුංගල්ලේ බබා නමැත්තාගේ පියා වන කීර්ති ආබෲ නැමැත්තා ජීවිත්කෂයට පත් වුණා.

මේ අතර මෙම අපරාධය සිදුකිරීමට වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් බව කියන “ආදරේ” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක් ද පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පසුගිය 13 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10