අසිතට එංගලන්තයේ ක්‍රීඩා කරන්න යළිත් අවස්ථාවක්

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු එංගලන්ත ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව තිබෙනවා.

අසිත වර්තමාන ටෙස්ට් පිටියේ දක්වන දක්ෂතා පදනම් කරගෙන ඔහුව ග්ලැමෝගන් කණ්ඩායමට එක්කර ගැනීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

ඔහු මීට පෙර නොටින්හැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර, ග්ලැමෝගන් කණ්ඩායම නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකිකයා බවට ද ඔහු පත් වනවා.

27 හැවිරිදි අසිත ටෙස්ට් තරග 21 කදී කඩුලු 72ක් දවාගෙන ඇති අතර, මේ වසර දී ශ්‍රී ලංකා පිළේ එංගලන්ත සංචාරයේ දී ඔහු ප්‍රමුඛතම කඩුලු ලාභියා බවට ද පත් වුණා.

ලැබුණු අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අසිත පවසා ඇත්තේ; ප්‍රාන්ත ක්‍රිකට් ක්‍ෂේත්‍රයට නැවත පැමිණීමට ලැබීම සම්බන්ධයෙන් අතිශයින් සතුටට පත්වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
3
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?