අසාධාරණ ලාභ ලැබීමට සහල් පාලන මිලේ වෙනසක් සිදු කරන්නේ නැහැ – ජනපති

සහල් වෙළඳපොළ සමතුලිත කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ ගබඩා ධාරිතාව වැඩි කිරීමට රජයේ සහාය ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (25) පැවති සාකච්ඡාවට එක් වෙමින්.

කෘෂිකර්ම සහ වාරිමාර්ග ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට මෙන්ම පොහොර සහනාධාරය ලබාදීම සඳහා රජය විශාල මුදලක් වැය කරන බැවින් ජනතාවට සහල් සැපයීමේ දී සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට ද සමාජයීය වගකීමක් පැවරෙන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ ධාරිතාව නඟා සිටුවමින් සහල් වෙළෙඳපොළ සමතුලිත කිරීමට අදාළව ගත යුතු පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

සහල් පාලන මිල වැඩි කරමින්, අසාධාරණ ලෙස ලාභ ලැබීමට කිසිඳු ව්‍යාපාරිකයෙකුට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

මේ අතර කෘෂිකර්ම, වෙළෙඳ අමත්‍යාංශවල සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් පිරිසක් අද (25) පෙරවරුවේ හමුවූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා උලෙස් ලබා දුන්නේ සහල් මිල ගැටලුව විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58