AFC Banner
AFC Banner
Empty Ad

අස්වැසුම සංක්‍රාන්තික දීමනාව 2,500 සිට 5,000 දක්වා ඉහළට (වීඩියෝ)

අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ සංක්‍රාන්තික කාණ්ඩය යටතේ දීමනාව ලබා දීම තවත් වසරක කාලයකින් දීර්ඝ කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එසේ ම එම කාණ්ඩය සඳහා ලබා දුන් රුපියල් 2,500ක දීමනාව රුපියල් 5,000 දක්වා ඉහළ නැංවීමට ද තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන සඳහා තවත් ලක්ෂ 4ක පිරිසක් ඇතුළත් කර ගැනීමට සූදානම් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ලක්ෂ 20කට ප්‍රතිලාභ ලබා දීමට වැඩසටහනේ අපේක්ෂාව වුව ද පවතින ආර්ථික තත්ත්වය මත එම සංඛ්‍යාව ලක්ෂ හතරකින් ඉහළ දැමීමට කටයුතු කරන අතර ජනවාරි මස අග හෝ පෙබරවාරි මස මුල දී නව අයදුම්පත් කැඳවීම සිදු කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ.

මේ අතර රාජ්‍ය වැවිලි ප්‍රතිව්‍යුහගතකරණය සිදු කරනු බලන්නේ ඒවායේ සේවකයන්ගේ හිග සේවක අර්ථසාධක මුදල් ගෙවා දැමීමෙන් අනතුරුව බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රුපියල් බිලියන 4ක ආසන්න හිග මුදලක් සේවක අර්ථසාධක සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල වෙත ගෙවා දැමීමට ඇති බවයි.

වතු කම්කරු දෛනික ගෙවීම රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමීමට අදාළ අවසන් තීන්දුව කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර රජය බලයට පත් වීමෙන් පසු කිසිදු නව කැසිනෝ බලපත්‍රයක් නිකුත් කර නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බලපත්‍ර ඉල්ලුම්පත් කිහිපයක් ඉදිරිපත්ව තිබුණ ද ඒවා පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

අවිධිමත් ලෙස පවත්වාගෙන යමින් තිබූ කැසිනෝ ව්‍යාපාරය විදිමත් නියාමනයකට ලක් කර බද්දකට යටත් කිරීමට කටයුතු කර ඇති පෙන්වා දෙන අමාත්‍යවරයා කියා සිටියේ ඒව පවත්වාගෙන යන්නේ විදේශිකයන් සඳහා බවයි.

රුපියල් මිලියන 500ක තරම් ඉහළ බලපත්‍ර ගාස්තුවකට යටත්ව දැනට පවත්වාගෙන යන කැසිනෝ ශාලාවල වාර්ෂික ගාස්තුව තව දුරටත් ඉහළ නැංවීමට රජය අවධානය යොමු කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
13
+1
1
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?