අස්වැසුම සංක්‍රාන්තික දීමනාව 2,500 සිට 5,000 දක්වා ඉහළට (වීඩියෝ)

අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ සංක්‍රාන්තික කාණ්ඩය යටතේ දීමනාව ලබා දීම තවත් වසරක කාලයකින් දීර්ඝ කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එසේ ම එම කාණ්ඩය සඳහා ලබා දුන් රුපියල් 2,500ක දීමනාව රුපියල් 5,000 දක්වා ඉහළ නැංවීමට ද තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන සඳහා තවත් ලක්ෂ 4ක පිරිසක් ඇතුළත් කර ගැනීමට සූදානම් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ලක්ෂ 20කට ප්‍රතිලාභ ලබා දීමට වැඩසටහනේ අපේක්ෂාව වුව ද පවතින ආර්ථික තත්ත්වය මත එම සංඛ්‍යාව ලක්ෂ හතරකින් ඉහළ දැමීමට කටයුතු කරන අතර ජනවාරි මස අග හෝ පෙබරවාරි මස මුල දී නව අයදුම්පත් කැඳවීම සිදු කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ.

මේ අතර රාජ්‍ය වැවිලි ප්‍රතිව්‍යුහගතකරණය සිදු කරනු බලන්නේ ඒවායේ සේවකයන්ගේ හිග සේවක අර්ථසාධක මුදල් ගෙවා දැමීමෙන් අනතුරුව බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රුපියල් බිලියන 4ක ආසන්න හිග මුදලක් සේවක අර්ථසාධක සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල වෙත ගෙවා දැමීමට ඇති බවයි.

වතු කම්කරු දෛනික ගෙවීම රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමීමට අදාළ අවසන් තීන්දුව කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර රජය බලයට පත් වීමෙන් පසු කිසිදු නව කැසිනෝ බලපත්‍රයක් නිකුත් කර නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බලපත්‍ර ඉල්ලුම්පත් කිහිපයක් ඉදිරිපත්ව තිබුණ ද ඒවා පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

අවිධිමත් ලෙස පවත්වාගෙන යමින් තිබූ කැසිනෝ ව්‍යාපාරය විදිමත් නියාමනයකට ලක් කර බද්දකට යටත් කිරීමට කටයුතු කර ඇති පෙන්වා දෙන අමාත්‍යවරයා කියා සිටියේ ඒව පවත්වාගෙන යන්නේ විදේශිකයන් සඳහා බවයි.

රුපියල් මිලියන 500ක තරම් ඉහළ බලපත්‍ර ගාස්තුවකට යටත්ව දැනට පවත්වාගෙන යන කැසිනෝ ශාලාවල වාර්ෂික ගාස්තුව තව දුරටත් ඉහළ නැංවීමට රජය අවධානය යොමු කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30