අස්වැසුම ලැබීමට කඩිනමින් බැංකු ගිණුම් අරින්න – ජනාධිපති මාධ්‍ය අංශය

‘අස්වැසුම’ ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලත් සියලුම ප්‍රතිලාභීන්, එම මුදල් බැර කිරීම සඳහා කඩිනමින් බැංකු ගිණුම් විවෘත කළ යුතු බව ජනාධිපති ලේකම් කාර්‍යාලය පවසනවා.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; මාස 06ක කාල රාමුවක් තුළ ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව සමග ගිණුම් නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු සූදානම් කරමින් ඇති බවයි.

දෙසැම්බර් මාසය වන විට ගෙවීම් අවසන් කිරීමට කැප වූ විශේෂ වැඩ සතියක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේ සුදුසුකම් ලත් සියලුම ප්‍රතිලාභීන් වෙත සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් ඉල්ලීමක් ද සිදු කර තිබෙනවා.

ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නම් ලැයිස්තුගත කර ඇති; නමුත් තවමත් ඔවුන්ගේ හිමිකම් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු ගිණුම් විවෘත කර නොමැති ප්‍රතිලාභීන්ට නොපමාව එය සිදු කරන ලෙස ඉල්ලමින්.

එහි සභාපති ජයන්ත විජේරත්න විසිනුයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන රක්‍ෂණ වැඩසටහන සම්බන්ධයෙන් පසුගියදා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ඇතුළු අදාළ පාර්ශ්ව සම්බන්ධ වූ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණ ගනු ලැබුවා.

සමාජ සුබසාධන ප්‍රතිලාභ සත්‍ය වශයෙන්ම අවශ්‍ය අයට පූර්ණ විනිවිදභාවයකින් යුතු ව ලබාදීම සඳහා ආරම්භ කළ අස්වැසුම වැඩසටහනේ වත්මන් තත්ත්වය පිළිබඳ ව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරුණා.

සභාපති ජයන්ත විජේරත්න අනාවරණය කළේ ඔක්තෝබර් 16 වැනිදා වන විට රු. ජූලි මාසයට අදාළ ප්‍රතිලාභ කාණ්ඩ පහක් හරහා පවුල් 1,230,097ක් සඳහා රුපියල් 7,705,302,250.00ක් ලබා දී ඇති බවයි.

ජූලි මාසය සඳහා වන ඉතිරි ගෙවීම් දෙසැම්බර් මාසය වන විට අවසන් කරන බව ද සභාපතිවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?