අස්වැසුම ලැබීමට කඩිනමින් බැංකු ගිණුම් අරින්න – ජනාධිපති මාධ්‍ය අංශය

‘අස්වැසුම’ ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලත් සියලුම ප්‍රතිලාභීන්, එම මුදල් බැර කිරීම සඳහා කඩිනමින් බැංකු ගිණුම් විවෘත කළ යුතු බව ජනාධිපති ලේකම් කාර්‍යාලය පවසනවා.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; මාස 06ක කාල රාමුවක් තුළ ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව සමග ගිණුම් නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු සූදානම් කරමින් ඇති බවයි.

දෙසැම්බර් මාසය වන විට ගෙවීම් අවසන් කිරීමට කැප වූ විශේෂ වැඩ සතියක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේ සුදුසුකම් ලත් සියලුම ප්‍රතිලාභීන් වෙත සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් ඉල්ලීමක් ද සිදු කර තිබෙනවා.

ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නම් ලැයිස්තුගත කර ඇති; නමුත් තවමත් ඔවුන්ගේ හිමිකම් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු ගිණුම් විවෘත කර නොමැති ප්‍රතිලාභීන්ට නොපමාව එය සිදු කරන ලෙස ඉල්ලමින්.

එහි සභාපති ජයන්ත විජේරත්න විසිනුයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන රක්‍ෂණ වැඩසටහන සම්බන්ධයෙන් පසුගියදා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ඇතුළු අදාළ පාර්ශ්ව සම්බන්ධ වූ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණ ගනු ලැබුවා.

සමාජ සුබසාධන ප්‍රතිලාභ සත්‍ය වශයෙන්ම අවශ්‍ය අයට පූර්ණ විනිවිදභාවයකින් යුතු ව ලබාදීම සඳහා ආරම්භ කළ අස්වැසුම වැඩසටහනේ වත්මන් තත්ත්වය පිළිබඳ ව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරුණා.

සභාපති ජයන්ත විජේරත්න අනාවරණය කළේ ඔක්තෝබර් 16 වැනිදා වන විට රු. ජූලි මාසයට අදාළ ප්‍රතිලාභ කාණ්ඩ පහක් හරහා පවුල් 1,230,097ක් සඳහා රුපියල් 7,705,302,250.00ක් ලබා දී ඇති බවයි.

ජූලි මාසය සඳහා වන ඉතිරි ගෙවීම් දෙසැම්බර් මාසය වන විට අවසන් කරන බව ද සභාපතිවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32