AFC Banner
AFC Banner
Empty Ad

අස්වැසුම ප්‍රතිලාභ ගන්න ලිපි ලේඛන පෝලිමේ සිටි අයෙක් ජීවිතක්ෂයට

අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අවශ්‍ය පෝරම පුරවා ගැනීමට ඇල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පැමිණ තම වාරය එනතෙක් පෝලිමේ සිටි පුද්ගලයෙකු හදිසියේ ඇද වැටී ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඇල්ල නමුණුකුල කනවැරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි දෙදරැ පියෙක්.

මරණයට පත් පුද්ගලයාගේ දේහය ඇල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේ තබා තිබූ අතර ඇල්ල පොලිසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල රෝහල වෙත ගෙන යාමටයි නියෝග කෙරුණේ.

අප වාර්තාකරු සඳහන් කළේ මේ දිනවල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ලිපි ලේඛන රැගෙන ජනතාව දිගු පොලිම්වල රැදී සිටින බවයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාර්යය මණ්ඩලයද මේ වෙනුවෙන් දැඩි වෙහෙසක් ගනු ලබන අතර ජනතාවද පසුවන්නේ දැඩි පීඩාවකින්.

ජනතාවගේ නොදැනුවත්කමත් මෙම ක්‍රියාවලියේ සංකීර්ණත්වයත් නිසා බොහෝ දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි සඳහන් වන්නේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පැමිණෙන ජනතාව චෝදනා කරන්නේ නිසි ක්‍රමවේදයන් නොමැති වීම හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්වන බවයි.

තමන්ට බැංකු ගිණුම් තිබියදී නව ගිණුම් ආරම්භ කිරීමට සිදුවීම හේතුවෙන් බැංකුවල ද රස්තියාදු වීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් පෝලිම්වල සිටින අය කෑමක් බීමක් හෝ නොමැතිව අසරණ වන බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

මේ සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙසටයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මේ අතර හැටන් ප්‍රදේශයේ අස්වැසුම ප්‍රතිලාභීන් ඊයේ (26) රාත්‍රියේ සිටම හැටන් නගරයේ පිහිටි රාජ්‍ය බැංකු අද විවෘත කරන තෙක් නිදි වර්ජිතව පවතින දැඩි අයහපත් කාලගුණය ද නොතකා පොලිම්වල රැඳී සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.

අස්වැසුම බැංකු ගිණුම් ආරම්භ කිරිම වෙනුවෙන් තමන් දින ගණනාවක් මෙලෙස බැංකු ඉදිරිපිට නිදි වර්ජිතව පෝලිමේ රැඳී සිටින බවයි වතුකරයේ අස්වැසුම ප්‍රතිලාභීන් ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
5
+1
20
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?