අස්වැසුම ප්‍රතිලාභ ගන්න ලිපි ලේඛන පෝලිමේ සිටි අයෙක් ජීවිතක්ෂයට

අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අවශ්‍ය පෝරම පුරවා ගැනීමට ඇල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පැමිණ තම වාරය එනතෙක් පෝලිමේ සිටි පුද්ගලයෙකු හදිසියේ ඇද වැටී ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඇල්ල නමුණුකුල කනවැරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි දෙදරැ පියෙක්.

මරණයට පත් පුද්ගලයාගේ දේහය ඇල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේ තබා තිබූ අතර ඇල්ල පොලිසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල රෝහල වෙත ගෙන යාමටයි නියෝග කෙරුණේ.

අප වාර්තාකරු සඳහන් කළේ මේ දිනවල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ලිපි ලේඛන රැගෙන ජනතාව දිගු පොලිම්වල රැදී සිටින බවයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාර්යය මණ්ඩලයද මේ වෙනුවෙන් දැඩි වෙහෙසක් ගනු ලබන අතර ජනතාවද පසුවන්නේ දැඩි පීඩාවකින්.

ජනතාවගේ නොදැනුවත්කමත් මෙම ක්‍රියාවලියේ සංකීර්ණත්වයත් නිසා බොහෝ දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි සඳහන් වන්නේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පැමිණෙන ජනතාව චෝදනා කරන්නේ නිසි ක්‍රමවේදයන් නොමැති වීම හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්වන බවයි.

තමන්ට බැංකු ගිණුම් තිබියදී නව ගිණුම් ආරම්භ කිරීමට සිදුවීම හේතුවෙන් බැංකුවල ද රස්තියාදු වීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් පෝලිම්වල සිටින අය කෑමක් බීමක් හෝ නොමැතිව අසරණ වන බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

මේ සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙසටයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මේ අතර හැටන් ප්‍රදේශයේ අස්වැසුම ප්‍රතිලාභීන් ඊයේ (26) රාත්‍රියේ සිටම හැටන් නගරයේ පිහිටි රාජ්‍ය බැංකු අද විවෘත කරන තෙක් නිදි වර්ජිතව පවතින දැඩි අයහපත් කාලගුණය ද නොතකා පොලිම්වල රැඳී සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.

අස්වැසුම බැංකු ගිණුම් ආරම්භ කිරිම වෙනුවෙන් තමන් දින ගණනාවක් මෙලෙස බැංකු ඉදිරිපිට නිදි වර්ජිතව පෝලිමේ රැඳී සිටින බවයි වතුකරයේ අස්වැසුම ප්‍රතිලාභීන් ප්‍රකාශ කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56